පළමු 20යි 20න් ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම මෙරට වේලාවෙන් අද(24) අලුයම සමත් වුණා.

කාර්ඩිෆ්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 7ක් දැවී රැස් කළේ ලකුණු 129ක් පමණයි.

ඉනිම ආරම්භ කළ ධනුෂ්ක ගුණතිලක ලකුණු 19කටත්, අවිශ්ක ප්‍රනාන්දු ලකුණු නොලබාත් දැවී ගියා.

නායක කුසල් පෙරේරා ලකුණු 30යි. දසුන් ශානක පන්දු 44කින් ලකුණු 50ක් රැස් කළේ ශ්‍රී ලංකා ඉනිම යම් ගෞරවාන්විත ලකුණු ප්‍රමාණයකට රැගෙන යමින්. සෙසු කිසිදු පිතිකරුවෙකු ලකුණු 10 සීමාව පසු කර ගියේ නැහැ.

පන්දු යැවීමේ දී සෑම් කරන් සහ අඩිල් රෂීඩ් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය පන්දුවාර 17.1ක් අවසානයේ කඩුලු 2ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකළා.

ආරම්භක කඩුල්ල සදහා ජොස් බට්ලර් සහ ජේසන් රෝයි ලකුණු 80ක සබදතාවයක් ගොඩ නැගුවා.

රෝයි ලකුණු 36කට දැවී ගිය අතර, බට්ලර් පන්දු 55කින් නොදැවී ලකුණු 68යි.

පන්දු යැවීමේ දී දුෂ්මන්ත චමීර සහ ඉසුරු උදාන එක් කඩුල්ල බැගින් බිද හෙලුවා. වනිදු හසරංග සිය පන්දුවාර 4 තුළ දී ලබා දුන්නේ ලකුණු 12ක් පමණයි.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලියේ දෙවන තරගය අද(24) කාර්ඩිෆ්හී දී ම පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...