ශ්‍රී ලංකා – එංගලන්ත තරග ඇරඹෙන වේලාවන් හා නැරඹිය හැකි නාලිකා මෙන්න

Date:

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය ආරම්භ කරමින් ප්‍රථම විස්සයි විස්ස ක්‍රිකට් තරගය හෙට(23) කාර්ඩිෆ්හී සොෆියා ගාර්ඩ්න්ස් ක්‍රීඩා පිටියේදී මෙරට වේලාවෙන් රාත්‍රී 11 ට ආරම්භ වනවා.

2016 වසරට පසුව ශ්‍රී ලංකා කණ්ඩායම ද්විපාර්ශ්වික සීමිත පන්දුවාර තරගාවලියක් ක්‍රීඩා කිරීම සදහා එංගලන්ත සංචාරයක නිරතවන ප්‍රථම අවස්ථාව මෙයයි.

මෙම සංචාරයට විස්සයි විස්ස තරග තුනක් සහ එක්දින තරග තුනක් ඇතුළත්.

ශ්‍රී ලංකා විස්සයි විස්ස සහ එක්දින කණ්ඩායම්වල නායකත්වය කුසල් ජනිත් පෙරේරා විසින් දරනු ලබන අතර, එංගලන්ත කණ්ඩායමේ නායකත්වය සුපුරුදු පරිදී ඔයින් මෝර්ගන් විසින් දරනු ලබනවා.

ප්‍රථම විස්සයි විස්ස තරග දෙක කාර්ඩිෆ්හීදී පැවැත්වෙන අතර තෙවන විස්සයි විස්ස තරගය සවුත්හැම්ටන්හී දී පැවැත්වීමට නියමිතයි.

තෙවැනි 20යි 20 තරගය මෙරට වේලාවෙන් ආරම්භ වීමට නියමිතව ඇත්තේ පස්වරු 7.00 ටයි.

ලෝක ශූර එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර ප්‍රථම එක්දින තරගය චෙස්ටර් ලී ස්ට්‍රීට් ක්‍රීඩා පිටියේදී මෙරට වේලාවෙන් පස්වරු 3.30 ට ද, දෙවන එක්දින තරගය ලන්ඩන් හි කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගනයේ දී පස්වරු 05.30 ට ද ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

තරගාවලියේ තෙවන සහ අවසන් එක්දින තරගය බ්‍රිසටල්හී දී පස්වරු 3.30 ට ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම කලකට පසුව නරඹන්නන් මධ්‍යයේ ක්‍රීඩා කරන ප්‍රථම තරගාවලිය ද මෙය වීම විශේෂත්වයක්.

එංගලන්ත තරග සංචාරයේ මෙරට නිල රූපවාහිනී විකාශන අයිතිය හිමිව ඇත්තේ ජාතික රූපවාහිනියේ චැනල් අයි නාලිකාවටයි.

PEO TV ඔස්සේ Ten cricket නාලිකාව හරහා තරග නැරඹීමේ අවස්ථාව ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට හිමිවනවා.

Dialog TV පාරිභෝගිකයින්ට Ten Cricket සහ Channel ONE යන නාලිකා ඔස්සේ තරගාවලිය නැරඹිය හැකියි.

මීට අමතරව දුරකථනය මගින් Dialog Viu යෙදුම (App) හරහා ද තරගාවලිය නැරඹිය හැකි වනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...