වොට්ලින්ගේ අවසන් තරගයේ දී ෂාමි යොමු කළ සුපිරි පන්දුව

Date:

ඉන්දියාව සහ නවසීලන්තය අතර සවුත්හැම්ටන්හි පැවැත්වෙන අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයේ 5 වැනි දිනය අදයි(22).

මේ වන විට නවසීලන්තය සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින අතර, එහිදී සුවිශේෂී පන්දු යැවීමක් ප්‍රදර්ශනය කරමින් තරගයට යළි අවතීර්ණ වීමට ඉන්දියාව සමත් වුණා.

ඒ, ඉන්දීය පළමු ඉනිම ලකුණු 217කට සීමා වී ඇති පසුබිමකයි.

පස් වැනි දිනයේ දී මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් පන්දු යවන්නා බවට පත්ව ඇත්තේ මොහොමඩ් ෂාමි.

ඔහු විසින් නවසීලන්ත කණ්ඩායමේ අත්දැකීම් බහුලම පිතිකරුවා වන රෝස් ටේලර්ගේ කඩුල්ල දවා ගැනීමට සමත් වුණේ ෂුබ්මන් ගිල් රැක ගත් සුපිරි උඩ පන්දුවක් හේතුවෙන්.

අනතුරුව සිය අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන බී.ජේ වොට්ලින් දවා ගැනීම සදහා මොහොමඩ් ෂාමි යොමු කළ සුපිරි පන්දුව මේ වන විට බොහෝ ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ අවධානය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් වොට්ලින් දැවී ගියේ එක් ලකුණක් පමණක් ලබා සිටියදීයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...