ඉන්දියාව ලකුණු 32ක් ඉදිරියෙන්

Date:

ඉන්දියාව සහ නවසීලන්තය අතර සවුත්හැම්ටන්හි පැවැත්වෙන අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයේ 5 වන දිනය අද(22) නිමා වුණේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමේ වැඩි සම්භාවිතාවක් පෙන්නුම් කරමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු 2ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 64ක්. ෂුබ්මන් ගිල් ලකුණු 8කටත්, රෝහිට් ෂර්මා ලකුණු 30කටත් දැවී ගියා.

නොදැවී පන්දු පහර දෙමින් සිටින චෙටස්වර් පුජාරා ලකුණු 12ක් සහ විරාට් කෝලි ලකුණු 8ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ඒ අනුව ඔවුන් දෙවැනි ඉනිමේ දී මේ වන විට ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 32ක්.

තරගය අද දිනට ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු 2ක් දැවී ලකුණු 101ක් ලබා සිටියා. ඔවුන් සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 249ක්.

ඩෙවෝන් කොන්වේ ලකුණු 54ක් රැස් කළ අතර, ටොම් ලේතම් ලකුණු 30යි. නායක කේන් විලියම්සන් ලකුණු 49කට දැවී යද්දී ටිම් සවුති ලකුණු 30ක් රැස් කළා.

පන්දු යැවීමේ දී මොහොමඩ් ෂාමි කඩුලු 4ක් දවා ගත් අතර, ඉෂාන්ට් ෂර්මා කඩුලු 3ක් බිද හෙලුවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාවට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 217ක් පමණයි.

වර්ෂාව හේතුවෙන් පළමු දිනය සහ 4 වැනි දිනය සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට සිදු වූ බැවින් 6 වැනි දිනටත් (අතිරේක දිනය) හෙට(23) දිනයේ දී තරගය පැවැත්වීමට නියමිතයි.

6 වැනි දිනය අවසන් වන විට තරගය ජය පරාජයකින් තොරව නිමා වුවහොත්, නවසීලන්තය සහ ඉන්දියාව පළමු අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ සම ශූරයින් ලෙස ඉතිහාසගත වනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...