ප්‍රබල එංගලන්ත පිතිකරුවෙකුට ශ්‍රී ලංකා 20යි 20 තරගාවලිය අහිමිවීමේ අවධානමක්

Date:

එංගලන්ත ආරම්භක පිතිකරු ජොනී බෙයාර්ස්ටව් දකුණු පාදයේ ආබාධයකට ලක්ව තිබෙනවා.

ඒ, එංගලන්ත ප්‍රාන්ත 20යි 20 තරගාවලිය යටතේ ඊයේ(16) පැවැති යෝක්ෂයර් කණ්ඩායම සහ වෝර්සෙස්ටර්ෂයර් කණ්ඩායම අතර තරගයේ දී යි.

වෝර්සෙස්ටර්හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් යෝක්ෂයර් කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 216ක් ලබා ගැනීමට සමත් වුණේ ජොනී බෙයාර්ස්ටව් පන්දු 48කින් වාර්තා කළ සුපිරි ශතකයෙන් සවිමත් වෙමින්.

ඔහු පන්දු 51කින් ලකුණු 112ක් ලබා ගත්තේ හයේ පහර 10ක් සහ හතරේ පහර 7ක් සමගින්.

කෙසේ වෙතත්, ඔහුගේ ඉනිම අතරමගදී ජොනී බෙයාර්ස්ටව් පාදයේ ආබාධයකට ලක් වූ අතර, ඒ හේතුවෙන් ඔහු වෙනුවට වෙනත් පිතිකරුවෙකු කඩුලු අතර දිව යාම සදහා යොදා ගැනීමට ද සිදු වුණා.

මෙම තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ වෝර්සෙස්ටර්ෂයර් කණ්ඩායමට පන්දුවාර 16.3ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 122ක් පමණයි.

එම ඉනිමේ දී කඩුලු රැකීම සදහා ද ජොනී බෙයාර්ස්ටව් පිටියට පිවිසියේ නැහැ.

ඒ අනුව ලබන සතියේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ආරම්භ වන 20යි 20 තරගාවලිය සදහා ඔහුගේ සහභාගීත්වය ද මේ වන විට අවිනිශ්චිත වී තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...