තවත් PSL තරග 2ක් අද

Date:

පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ තවත් තරග දෙකක් අද(17) පැවැත්වෙනවා.

දිනයේ පළමු තරගය, එනම් මෙවර තරගාවලියේ 26 වන තරගය පැවැත්වෙන්නේ ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම සහ පෙෂාවර් සල්මි කණ්ඩායම අතරයි.

එම තරගය මෙරට වේලාවෙන් පස්වරු 6.30ට අබුඩාබිහී දී ආරම්භ වීමට නියමිතයි.

දිනයේ දෙවැනි තරගය කරච්චි කිංග්ස් සහ ලාහෝර් කලැන්ඩර්ස් යන කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එම තරගය අබුඩාබිහී දී ම ආරම්භ වන්නේ මෙරට වේලාවෙන් රාත්‍රී 11.30ටයි.

මේ වන විට තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් හිමි කර ගැනීමට ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම සමත්ව තිබෙනවා.

ඔවුන් තරග 8කට ක්‍රීඩා කර ජය ගෙන ඇති තරග සංඛ්‍යාව 6ක්.

දෙවැනි ස්ථානය පෙෂාවර් සල්මි කණ්ඩායමටත්, තෙවැනි ස්ථානය ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායමටත් හිමිව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...