ග්ලැඩියේටර්ස් PSL තරගාවලියෙන් ඉවතට; මුල්ටාන් කණ්ඩායමට වාර්තාගත ජයක්

Date:

ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් කණ්ඩායමට මෙවර පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔවුන් ඊයේ(16) රාත්‍රියේ පැවැති මෙවර තරගාවලියේ 25 වන තරගයෙන් මුල්ටාන් සුල්ටාන් කණ්ඩායම හමුවේ වාර්තාගත ලකුණු 110ක දරුණු පරාජයක් ලැබීමත් සමගයි.

අබුඩාබිහි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් මුල්ටාන් කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 183ක් ලබා ගත්තා.

ශාන් මසූඩ් ලකුණු 73(42)ක් රැස් කළා. ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් සහ හතරේ පහර 7ක් ඇතුළත්. ජොන්සන් චාර්ල්ස් ලකුණූ 47(24)යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් කණ්ඩායමට පන්දුවාර 12.1ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 73ක් පමණයි.

පන්දු යැවීමේ දී ඉම්රාන් තහීර් ලකුණු 7කට කඩුලු 3ක් බිද හෙලමින් ග්ලැඩියේටර්ස් ඉනිම අඩපන කළා. ඉම්රාන් ඛාන් ද කඩුලු 2ක් බිද හෙලුවා.

මෙය පාකිස්තාන සුපර් ලීග් තරගාවලි ඉතිහාසයේ දී වැඩිම ලකුණු පරතරයක් සහිතව තරගයක ජය වාර්තා වූ අවස්ථාව ලෙසයි වාර්තා අතරට එක් වුණේ.

මේ වන විට ග්ලැඩියේටර්ස් කණ්ඩායම මෙවර තරග වාරය යටතේ තරග 9කට ක්‍රීඩා කර ජය ගෙන ඇත්තේ තරග 2ක් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...