හස්නයින් සමග ගැටුණු ඩු ප්ලෙසිස් PSL තරගාවලියෙන් ඉවතට

Date:

ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් සහ දකුණු අප්‍රිකානු පිතිකරු ෆෆ් ඩු ප්ලෙසිස් මෙවර පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ ඉතිරි තරගවලින් ඉවත් වීමට සිදුව තිබෙනවා.

ඒ, පසුගිය ඉරිදා පෙෂාවර් සල්මි කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේ දී ඔහු මුහුණ දුන් අනතුර හේතුවෙන්.

පෙෂාවර් ඉනිමේ 7 වන පන්දුවාරයේ පන්දු රකිමින් සිටින අතරවාරයේ දී එම අනතුර සිදු වුණේ ඔහු හතරේ පහරක් නතර කිරීමට ගත් උත්සාහයකදීයි.

එහිදී සිය කණ්ඩායමේම ක්‍රීඩකයෙකු වන මොහොමඩ් හස්නයින් ද අදාළ හතරේ පහර නතර කිරීමට උත්සාහ කිරීමත් සමග ඔවුන් දෙදෙනා එකිනෙකා ගැටීමක් සිදු වුණා.

පසුව වෛද්‍ය පරීක්ෂණ සදහා ෆෆ් ඩු ප්ලෙසිස් රෝහල් ගත කිරීමටයි කටයුතු කෙරුණේ.

අනතුරුව ෆෆ් ඩු ප්ලෙසිස් විසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කර තිබුණේ තමා යළි හෝටලය වෙත පැමිණි බවයි.

තරගාවලියෙන් ඉවත් වීමට සිදු වීම හේතුවෙන් ඔහු යළි සිය රට බලා පිටත්ව යනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...