නවසීලන්තයේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ එංගලන්තය පරාජය අභියස

Date:

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර බර්මිංහැම්හී දී පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද(12) නිමා වුණා. නවසීලන්ත පන්දු යවන්නන්ගේ සුවිශේෂී පන්දු යැවීම හමුවේ අසරණ වූ එංගලන්තය අද දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 9ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 122ක්. ඒ අනුව ඔවුන් නවසීලන්තයට වඩා ඉදිරියෙන් පසුවන්නේ ලකුණු 37ක් පමණයි.

එංගලන්ත දෙවැනි ඉනිම ආරම්භ කළ රෝරි බර්න්ස් ලකුණු නොලබා දැවී ගිය අතර, ඩොම් සිබ්ලි ලකුණු 8කට දැවී ගියා. නම් දැරූ පිතිකරුවන් අතරින් එංගලන්තය වෙනුවෙන් ලකුණු 20 සීමාව පසු කළේ ඔලී පෝප් පමණයි. ඔහු ලකුණු 23කට දැවී ගිය අතර, වේග පන්දු යවන ක්‍රීඩක මාර්ක් වුඩ් ලකුණු 29ක් රැස් කළා.

සැක් ක්‍රව්ලි ලකුණු 17ක් ලබා ගත් අතර, ඔලී ස්ටෝන් නොදැවී ලකුණු 15යි.

පන්දු යැවීමේ දී මැට් හෙන්රි සහ නෙයිල් වෑග්නර් කඩුලු 3 බැගින් දවා ගනිද්දී අජාස් පටෙල් කඩුලු 2ක් දවා ගත්තා. ට්‍රෙන්ට් බෝල්ට් ද එක් කඩුල්ලක් බිද හෙලුවා.

අද දිනය ආරම්භ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු 3ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 229ක්. ඔවුන් අද සිය ඉනිම නිමා කළේ සියලු දෙනා දැවී ලකුණු 388ක් ලබා ගනිමින්. ඒ අනුව එංගලන්තයට වඩා පළමු ඉනිමේ දී නවසීලන්තය ඉදිරියෙන් පසු වූ ලකුණු ප්‍රමාණය 85ක්.

රෝස් ටේලර් ලකුණු 80කට දැවී ගියේ ඔලී ස්ටෝන්ගේ පන්දුවක් හමුවේයි. විල් යන්ග් ලකුණු 82ක් සහ ඩෙවෝන් කොන්වේ ලකුණු 80ක් ලබා ගනිමින් නවසීලන්ත ඉනිම ශක්තිමත් කළා. ටොම් බ්ලන්ඩල් ලකුණු 34ක් ද, හෙන්රි නිකල්ස් ලකුණු 21ක් ද ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ස්ටුවට් බ්‍රෝඩ් කඩුලු 4ක් බිද හෙලුවේ ලකුණු 48ක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්. මාර්ක් වුඩ් සහ ඔලී ස්ටෝන් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්තය සියලු දෙනා දැවී රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 303ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...