පන්දු රැකීමේ දී සිදු වූ අනතුරක් හේතුවෙන් ෆෆ් ඩු ප්ලෙසිස් රෝහල් ගත කෙරේ

Date:

මෙවර පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය යටතේ ඊයේ(12) රාත්‍රියේ පැවැති තරගයේ දී සිදු වූ අනතුරක් හේතුවෙන් දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් නායක සහ ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් ක්‍රීඩක ෆෆ් ඩු ප්ලෙසිස් රෝහල් ගත කර තිබෙනවා.

අබුඩාබි හී දී මෙම තරගය පැවැත්වුණේ ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම හා පෙෂාවර් සල්මි කණ්ඩායම අතරයි.

පෙෂාවර් ඉනිමේ 7 වන පන්දුවාරයේ දී පන්දු රකිමින් සිටින අතරවාරයේ දී යි එම අනතුර සිදු වුණේ.

හතරේ පහරක් නතර කිරීමට ගත් උත්සාහයකදී මොහොමඩ් හස්නයින් සහ ෆෆ් ඩු ප්ලෙසිස් එකිනෙකා ගැටුණු අතර, අනතුරුව ෆෆ් ඩු ප්ලෙසිස් රෝහල් ගත කිරීමට කටයුතු කෙරුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

වෛද්‍ය පරීක්ෂණ සදහා ඔහුව එලෙස අබුඩාබි රෝහලකට ඇතුළත් කර තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...