මිලර්, අක්මාල්, පවෙල්ගේ සුපිරි පිතිහරඹය හේතුවෙන් සල්මි පිලට ලකුණු 61ක ජයක්

Date:

පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 19 වන තරගයෙන් ලකුණු 61ක ජයක් වාර්තා කිරීමට පෙෂාවර් සල්මි කණ්ඩායම සමත් වුණා. අබුඩාබි හි පැවැති තරගයෙන් ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් කණ්ඩායමයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පෙෂාවර් කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 197ක් රැස් කළා. ඒ, ඩේවිඩ් මිලර්, කම්රන් අක්මාල් සහ රොව්මන් පවෙල්ගේ සුපිරි ඉනිම්වලින් ශක්තිමත් වෙමින්. මිලර් පන්දු 46කින් ලකුණු 73ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිම හයේ පහර 4කින් සහ හතරේ පහර 6කින් වර්ණවත් වුණා.

අක්මාල් පන්දු 37කින් ලකුණු 59ක් ලබා ගත් අතර, පවෙල් පන්දු 19කින් නොදැවී ලකුණු 43ක් රැස් කළා. කම්රන් අක්මාල් සහ ඩේවිඩ් මිලර් අතර තෙවැනි කඩුල්ලට පන්දු 73කින් ලකුණු 125ක සබදතාවයක් ගොඩ නැගුණා.

පන්දු යැවීමේ දී මොහොමඩ් නවාස් කඩුලු 2ක් දවා ගත් අතර, මොහොමඩ් හස්නයින් සහ Khurram Shahzad එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ග්ලැඩියේටර්ස් කණ්ඩායමට කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 136ක් පමණයි. පළමු කඩුල්ලට ලකුණු 62ක සබදතාවයක් ගොඩ නැගීමට සයිම් අයුබ් සහ උසාමාන් ඛාන් සමත් වුණා. සයිම් ලකුණු 35කටත්, උස්මාන් ලකුණු 28කටත් දැවී ගියා.

සර්ෆ්‍රාස් අහ්මඩ් නොදැවී ලකුණු 36ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී මොහොමඩ් ඉර්ෆාන් කඩුලු 3ක් දවා ගත් අතර, වහබ් රියාස් හා උමයිඩ් අසීෆ් කඩුලු 2 බැගින් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...