නායක විලියම්සන්ට දෙවැනි ටෙස්ට් තරගය අහිමි වෙයි

Date:

නවසීලන්ත නායක කේන් විලියම්සන්ට එංගලන්තය සමග හෙට(10) ආරම්භ වන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහුගේ අතක වැලමිටෙහි ඇතිව තිබෙන ආබාධය හේතුවෙන්.

අදාළ ආබාධ තත්ත්වය හේතුවෙන් මෙම වසර මුලදී විලියම්සන්ට බංග්ලාදේශය සමග පැවැති එක්දින තරගාවලිය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වුණා.

ඔහු වෙනුවට හෙට තරගයේ දී ටොම් ලේතම් නවසීලන්ත කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ටොම් ලේතම් නවසීලන්ත ටෙස්ට් කණ්ඩායම මෙහෙයවන තෙවැනි අවස්ථාව මෙයයි.

කේන් විලියම්සන් වෙනුවට හෙට තරගය සදහා විල් යන්ග් ක්‍රීඩා කරන අතර, ඔහු අංක 3 ස්ථානයේ ද පන්දුවට පහර දීමට නියමිතයි.

කෙසේ වෙතත්, ජූනි 18 වනදා සවුත්හැම්ටන්හී දී ඉන්දියාවට එරෙහිව ආරම්භ වන ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව කේන් විලියම්සන්ට හිමි වනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

හෙට(10) බර්මිංහැම්හී දී ආරම්භ වන දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයෙන් විලියම්සන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත්තේ ද ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගය සම්බන්ධයෙන් ද අවධානය යොමු කරමින්.

මේ අතර, වේග පන්දු යවන ක්‍රීඩක ට්‍රෙන්ට් බෝල්ට් දෙවැනි තරගය සදහා ක්‍රීඩා කරන බව වැඩබලන නායක ටොම් ලේතම් අද(9) තහවුරු කළා.

නමුත් ආබාධයක් හේතුවෙන් දග පන්දු යවන ක්‍රීඩක මිචෙල් සැන්ට්නර්ට දෙවැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...