ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවට තවත් හිටපු ක්‍රීඩකයින් දෙදෙනෙක්

Date:

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකු වන හේමන්ත දේවප්‍රිය සහ රන්ජිත් මදුරසිංහ යන මහත්වරුන් ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවට නම් කිරීමට යළි පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

ඒ අනුව වත්මන් ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයන් සංඛ්‍යාව 08 දෙනෙකු දක්වා ඉහළ යනු ඇති.

පසුගිය අප්‍රේල් මස 08 වනදා නම් කෙරුණු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ ප්‍රධානීත්වය දරනු ලබන්නේ 1996 ලෝක ශූර ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජික ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා විසිනුයි.

තේරීම් කමිටුවට රොමේෂ් කලුවිතාරන, හේමන්ත වික්‍රමරත්න, වරුන වරාගොඩ, එස්.එච්.යූ කර්නයින් සහ තිලකා නිල්මිණී ගුණරත්න යන අයද ඇතුළත්.

මෙම සාමාජිකයන් අට දෙනාගෙන් යුත් තේරීම් කමිටුව විසින් පිරිමි සහ කාන්තා ක්‍රිකට් කණ්ඩායම්හි තේරීම් කටයුතු ඉදිරියේ දී සිදු කිරීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...