බ්‍රෝඩ්ගේ පියා එංගලන්ත ක්‍රීඩකයින්ට 40%ක දඩ ගසයි

Date:

එංගලන්තය ක්‍රිකට් කණ්ඩායමට ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් දඩ නියම කර තිබෙනවා.

ඒ, නවසීලන්තය සමග ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැති පළමු ටෙස්ට් තරගයේ දී නියමිත කාලයට පන්දුවාර යවා නිම නොකිරීම හේතුවෙන්.

ජෝ රූට්ගේ නායකත්වයෙන් යුත් එංගලන්ත කණ්ඩායමට නියමිත කාලය තුළ පන්දුවාර දෙකක් යවා නිමා කිරීමට හැකියාව ලැබී තිබුණේ නැහැ.

ඒ අනුව සියලු ක්‍රීඩකයින්ට තරග ගාස්තුවෙන් 40%ක දඩ මුදලක් පනවා ඇති බව සදහන්.

ටෙස්ට් තරගයකදී පැයක කාලයක් තුළ පන්දුවාර 15ක් යැවීම පන්දු රකින කණ්ඩායම විසින් සිදු කළ යුතුයි.

තරගයකදී නියමිත කාලය තුළ යැවීමට අපොහොසත් වන සෑම පන්දුවාරයක් සදහා ම අදාළ කණ්ඩායමේ ක්‍රීඩකයින්ට තරග ගාස්තුවෙන් 20%ක දඩ පැනවීමක් සිදු කෙරෙනවා.

ඊයේ(6) නිමා වූ එංගලන්ත – නවසීලන්ත පළමු ටෙස්ට් තරගයේ තරග තීරකවරයා ලෙස කටයුතු කළ එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ස්ටුවට් බ්‍රෝඩ්ගේ පියා වන ක්‍රිස් බ්‍රෝඩ් විසින් මෙම දඩ පැනවීම සිදු කර තිබෙනවා.

නායක රූට් වරද පිළිගනිමින් ලබා දී ඇති දඩුවම පිළිගෙන ඇති බවත්, එබැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විභාගයක් සිදු නොවන බවත් ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...