ක්‍රීඩකයින් අඩියක් පස්සට; ක්‍රිකට් ආයතනය සමග තාවකාලික එකගතාවයක්

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සහ ක්‍රිකට් බළධාරීන් අතර ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුම් සම්බන්ධයෙන් තාවකාලික එකගතාවයකට එළඹ ඇති බව වාර්තා වනවා.

ඒ, ක්‍රීඩකයින් එංගලන්ත තරග සංචාරය සදහා පමණක් ගිවිසුමකට අත්සන් කිරීමට එකගතාවය පල කිරීමත් සමගයි.

කොන්ත්‍රාත් ගිවිසුම් සම්බන්ධයෙන් ක්‍රිකට් බළධාරීන් සහ ක්‍රිකට් ක්‍රීඩකයින් අතර අද පස්වරුවේ දී පැවැති සාකච්ඡාවලින් පසුව මෙම තීරණයට එළඹ ඇති බව සදහන්.

ක්‍රීඩකයින් නවාතැන් ගෙන සිටින හෝටලයේ දී මෙම සාකච්ඡාව සිදු කර තිබුණා.

කෙසේ වෙතත්, වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුම් සම්බන්ධයෙන් තවදුරටත් ගැටලු සහගත තත්ත්වයක් පවතින අතර, එංගලන්ත සංචාරයෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් සාකච්ඡා සිදු කිරීමට කටයුතු කරනු ඇති.

එංගලන්ත තරග සංචාරය සදහා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සහ ක්‍රිකට් බලධාරීන් අතර ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුම් පිළිබද අද පෙරවරුවේ පැවැති සාකච්ඡාවකදී උණුසුම් තත්ත්වයක් ද හට ගෙන තිබූ බවටයි වාර්තා වුණේ.

සංචාරක කොන්ත්‍රාත්තු අත්සන් නොකරන ක්‍රීඩකයින්ට හෝටල් පරිශ්‍රයෙන් ද ඉවත් වන ලෙසට දැනුම් දී තිබූ බව ද වාර්තා වුණා.

කෙසේ වෙතත්, අනතුරුව ගිවිසුම් අත්සන් කිරීම සදහා පස්වරු කාලය වන තෙක් ක්‍රීඩකයින්ට කල් ලබා දුන්නා.

ගිවිසුම් අත්සන් නොකරන ක්‍රීඩකයින්ට වසර කිහිපයක තරග තහනමක් පනවන බවට ද ක්‍රිකට් බළධාරීන් අද පෙරවරුවේ පැවැති සාකච්ඡාවේ දී පවසා තිබූ බව ද සදහන්.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හෙට රාත්‍රී කාලයේ දී එංගලන්තය බලා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

නව ක්‍රීඩක ශ්‍රේණිගත කිරීමේ ඇති අක්‍රමිකතා සහ එම ක්‍රමවේදයේ විනිවිදභාවය පිළිබද මතුව ඇති බරපතල ගැටලු හේතුවෙන් වාර්ෂික සහ සංචාරක ගිවිසුම් අත්සන් නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 38 දෙනෙකු පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා.

ඒ අනුව එළඹෙන එංගලන්ත තරග සංචාරය සදහා එක්වන ක්‍රීඩකයින් ඊට අදාළ සංචාරක ගිවිසුම් ද අත්සන් නොකිරීමට තීරණය කර තිබූ අතර, ඉදිරියේ දී කිසිදු සංචාරක ගිවිසුමකට ඇතුළත් නොවීමටයි ක්‍රීඩකයින් තීරණය කර තිබුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...