එංගලන්තයේ නායකත්වය බෙන් ස්ටොක්ස්ට – හේතුව මෙන්න

Date:

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ආරම්භ වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දී එංගලන්ත කණ්ඩායම මෙහෙයවීමේ වගකීම බෙන් ස්ටොක්ස්ට හිමිව තිබෙනවා.

ඒ, පෞද්ගලික හේතුවක් නිසා එම තරගයට නිත්‍ය නායක ජෝ රූට් ක්‍රීඩා නොකිරීම හේතුවෙන්.

ජෝ රූට්ගේ බිරිද ඔවුන්ගේ දෙවන දරු ප්‍රසූතියට සූදානමින් සිටින බැවින් ඔහු හෙට(1) දිනයේ දී පුහුණු සංචිතයෙන් ඉවත් වන බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය පැවසුවේ.

ඒ අනුව එංගලන්ත සංචිතයේම ක්‍රීඩකයින් අතර හෙට ආරම්භ වන තෙදින පුහුණු තරගය ද ජෝ රූට්ට අහිමි වනු ඇති.

ඔහු සිය පවුලේ සාමාජිකයින් සමග රෝහලෙන් පිටව යාමෙන් පසුව දින 7ක කාලයක් ස්වයං නීරෝධායනයකට ද ලක් වීමට නියමිතයි.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ලබන 8 වනදා ආරම්භ වන අතර, එම තරගයේ දී උප නායකයා ලෙස ජොස් බට්ලර් කටයුතු කරනවා.

බෙන් ස්ටොක්ස් එංගලන්ත කණ්ඩායමේ නායකත්වය දරන පළමු අවස්ථාව මෙයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...