චන්දිමාල්, දික්වැල්ල සහ තිසරගෙන් ශතක – පුහුණු තරගය ජය පැරදුමෙන් තොරයි

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් අතර පුහුණු එක්දින ක්‍රිකට් තරගයක් අද මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණා.

ඒ, මහනුවර දී පැවැත්වෙන දින 10ක නේවාසික පුහුණු කදවුරට සමගාමීවයි.

මෙම තරගය අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් විසදුමකින් තොරවයි නිමා වුණේ.

තරගයේ දී කණ්ඩායම් දෙකේ නායකත්වය දරනු ලැබුවේ දිමුත් කරුණාරත්න සහ නිරෝෂන් දික්වැල්ල විසිනුයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නිරෝෂන් දික්වැල්ලගේ කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 346ක් රැස් කළා.

එහිදී දික්වැල්ල ලකුණු 127ක් (පන්දු 100, 4×14, 6×1), දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 117ක් (පන්දු 100, 4×9, 6×4) ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ළහිරු කුමාර කඩුලු 3ක් සහ ධනංජය ද සිල්වා කඩුලු 2ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිමුත් කරුණාරත්නගේ කණ්ඩායම පන්දුවාර 45.3ක් අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 292ක් ලබා සිටියදී අයහපත් ආලෝක තත්ත්වය මත තරගය නතර කිරීමට කටයුතු කෙරුණා.

ධනංජය ද සිල්වා ලකුණු 49ක් සහ ළහිරු තිරිමාන්න ලකුණු 45ක් ලබා ගත් අතර, අගනා ඉනිමක් ක්‍රීඩා කළ තිසර පෙරේරා ලකුණු 101ක් ලබා ගත්තේ පන්දු 72කින්.(4×6 6×7)

පන්දු යැවීමේ දී කසුන් රාජිත, වනිදු හසරංග සහ නුවන් ප්‍රදීප් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...