කොරෝනා බව කියූ 6 දෙනාට කොරෝනා නැතැයි දෙවැනි වරටත් තහවුරු වෙයි

Date:

කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වී පසුව එම වෛරසය ශරීර තුළ නොමැති බවට පසුගියදා අණාවරණය වූ පාකිස්තාන ක්‍රීඩකයින් 6 දෙනාගේ තෙවැනි වටයේ වෛද්‍ය පරීක්ෂණ වාර්තා අද(30) එරට ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව ඔවුන් සියලු දෙනාට දෙවැනි වටයේ සිදු කළ වෛද්‍ය පරීක්ෂණයේ දී මෙන් තෙවැනි වටයේ සිදු කළ වෛද්‍ය පරීක්ෂණයේ දී ද කොරෝනා වෛරසය ශරීර තුළ නොමැති බවට තහවුරු වී ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ෆකාර් සමාන්, මොහොමඩ් හස්නයින්, මොහොමඩ් හෆීස්, මොහොමඩ් රිස්වාන්, ශඩාබ් ඛාන් සහ වහබ් රියාස් යන ක්‍රීඩකයින්ගේ ශරීර තුළ මෙලෙස වෛරසය නොමැති බවට දෙවැනි වරටත් තහවුරු වී ඇති බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

ඒ අනුව ඔවුන් සියලු දෙනා එංගලන්ත තරග සංචාරය ආරම්භ කරමින් මේ වන විට එංගලන්තයට පැමිණ සිටින ක්‍රීඩකයින් 20 දෙනා සමග ඉදිරියේ දී එක්වනු ඇති.

අදාළ ක්‍රීඩකයින් හය දෙනා මේ වන විට ලාහෝර් නුවර තරු පහේ හෝටලයක හුදෙකලාව වාසය කරන අතර, ඔවුන් මෙම සතිය අගදී එංගලන්තය බලා පිටත් යාමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...