මාලිංගගේ යෝකර් පන්දුවේ සාර්ථකත්වය 63% ක් – CricViz හෙළි කරයි

Date:

පන්දුවාර 20යි 20 ඉතිහාසයේ හොදම වේග පන්දු යවන්නා ලෙස විස්ඩන් සගරාව විසින් ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංගව පසුගියදා නම් කළා.

ක්‍රිකට් දත්ත විශ්ලේෂණ සමාගමක් වන CricViz සමග එක් වෙමිනුයි මෙම නම් කිරීම සිදු කර තිබුණේ.

Tymal Mills, Freddie Wilde සහ Yas Rana යන අය විසින් මෙම නම් කිරීම සිදු කර තිබෙනවා.

“විශේෂයෙන් යෝකර් පන්දුව සමග ඔහුගේ පලදායිතාවය කිසිවෙකුට දෙවැනි වන්නේ නැහැ. ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්වෙනුයි ඒක සාර්ථක වෙලා තියෙන්නේ. ඔහුගේ ඉරියව්ව නිසා අනෙක් පන්දු යවන්නන්ට වඩා ඉතා සාර්ථක ලෙස ඔහුට යෝකර් පන්දුව යවන්න පුලුවන්”

යනුවෙන් CricViz හි දත්ත විශ්ලේෂක Freddie Wilde සදහන් කළා.

“ඔහුගේ යෝකර් පන්දුවේ සාර්ථකත්වය 63%ක්. 20යි 20 ක්‍රීඩා කරපු ක්‍රීඩකයින් අතරින් කිසිවෙකුත් එවැනි සාර්ථකත්වයක් පෙන්නුම් කරල නැහැ.”

යෝකර් පන්දුව යොමු කිරීමට තැත් කිරීමේ දී ඉලක්කය වැරැදී එය කෙලින්ම පිත්ත වෙත (full toss) පැමිණිය ද මාලිංගට එරෙහිව පිතිකරුවන් සෙසු පන්දු යවන්නන්ට සාපේක්ෂව දක්වා ඇත්තේ අඩු දක්ෂතාවයක් බව Freddie Wilde පෙන්වා දෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...