ශකිබ්ට IPL පිටියටත් අවසර නොලැබෙන ලකුණු

Date:

බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන්ට මෙවර අතරමගදී අත්හිටුවීමට සිදු වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරග සදහා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයෙන් අවසර නොලැබෙනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, අයි.පී.එල් ඉතිරි තරග පැවැත්වෙන කාලයේ දී බංග්ලාදේශ කණ්ඩායමට කාර්යය බහුල ජාත්‍යන්තර තරග කාලසටහනක් පවතින බැවින්.

20යි 20 ලෝක කුසලාන තරගාවලිය ද ඔක්තෝබර් මාසයේ දී ආරම්භ වීමට නියමිතව තිබීම ඊට තවත් හේතුවක්.

අයි.පී.එල් ඉතිරි තරග සැප්තැම්බර් – ඔක්තෝබර් මාසවලදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමටයි මේ වන විට කටයුතු සැලසුම් කරමින් පවතින්නේ.

“අපේ ජාත්‍යන්තර තරග කාලසටහන අනුව ඔහුට අවසර ලබා දීම කිසිසේත් කළ නොහැකියි. මට කිසිම හැකියාවක් හෝ අවස්ථාවක් පේන්නේ නෑ. ලෝක කුසලානය තියෙන නිසා සෑම තරගයක්ම අපිට වැදගත්” යනුවෙන් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ සභාපති නස්මුල් හසාන් එරට රූපවාහිනී නාලිකාවකට සදහන් කළා.

මීට පෙර ශකිබ් අල් හසාන්ට මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාලිය සදහා ද ක්‍රීඩා කිරීමට අවසර ලබා නොදෙනු ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

මේ අතර, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියෝජනය කරන බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක මුස්ටර්ෆිසුර් රෙහ්මාන්ට ද මෙවර අයි.පී.එල් තරගාවලියේ ඉතිරි තරග වෙනුවෙන් ක්‍රීඩා කිරීමට අවසර නොලැබෙනු ඇති.

බංග්ලාදේශ කණ්ඩායම ජූනි-ජූලි මාසවලදී සිම්බාබ්වේ තරග සංචාරයක නිරත වන අතර, පසුව ඔස්ට්‍රේලියාවට, නවසීලන්තයට සහ එංගලන්තය එරෙහි තරගාවලි සදහා සිය රටේ දී ම තරග වැදීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...