ජො රූට් ආබාධයකට ලක් වෙයි

Date:

එංගලන්ත ‍ටෙස්ට් නායක ජෝ රූට්ගේ දකුණු අතෙහි ආබාධයක් සිදුව තිබෙනවා.

හෙට(2) ආරම්භ වන නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ ඊයේ පැවැති පුහුණුවීම් අතරතුර දීයි ඔහු මෙම ආබාධයට ලක්ව ඇත්තේ.

පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් විසින් යොමු කළ පන්දුවක් වැදීමෙන් ජෝ රූට් මෙම ආබාධයට ලක්ව තිබුණා.

අනතුරුව ඔහු එම අවස්ථාවේ දී ම වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් පුහුණුවීම්වලින් ඉවත් වූ නමුත්, පසුව යළි පුහුණුවීම් කටයුතු සදහා එක් වූ බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.

කෙසේ වෙතත්, ආරක්ෂිත පියවරක් වශයෙන් ජෝ රූට් අද දිනයේ දී පුහුණු කටයුතු සදහා එක් නොවනු ඇති.

නමුත්, ජෝ රූට්ගේ ආබාධය බරපතල මට්ටමක නොපවතින බවත්, ඔහු හෙට තරගය සදහා ක්‍රීඩා කරනු ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

යම් හෙයකින් ඔහුට පළමු ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කිරීමට නොහැකි වුවහොත් ඔහු වෙනුවට සෑම් බිලින්ග්ස්  එංගලන්ත කණ්ඩායමට නම් කිරීමට ඉඩ තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...