CPL යන්න ශකිබ්ට අවසර නොලැබෙන ලකුණු

Date:

බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන්ට මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් (සී.පී.එල්) තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයෙන් අවසර නොලැබෙනු ඇති බව වාර්තා වනවා.

ඒ, සී.පී.එල් තරගාවලිය පැවැත්වෙන කාලයේ දී බංග්ලාදේශ කණ්ඩායමට කාර්යය බහුල ජාත්‍යන්තර තරග කාලසටහනක් පවතින බැවින්.

එහිදී ඔවුන් ඔස්ට්‍රේලියාව, එංගලන්තය සහ නවසීලන්තයට එරෙහිව තරග වැදීමට නියමිතයි.

“අපි ඒ ගැන (අවසර ලබා දීම ගැන) කිසිම තීරණයක් අරගෙන නැහැ.” යනුවෙන් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී අක්‍රම් ඛාන් විදෙස් මාධ්‍යකට කියා සිටියා.

“කාලය ආවම අපිට පුලුවන් ඒ ගැන තීරණයක් ගන්න. අපිට නිසැකවම අවශ්‍යයි ක්‍රීඩා කරන්න ඔවුන්ට එරෙහිව අපේ ශක්තිමත්ම සංචිතය සමගින්”

මීට පෙර ශකිබ් අල් හසාන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ටෙස්ට් තරග සංචාරයෙන් ද ඉවත් වුණා.

2021 සී.පී.එල් තරගාවලිය වෙනුවෙන් ඔහු ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ ජැමයිකා තලවාස් කණ්ඩායම සදහායි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...