මහේල මුහුණ දුන් අකරතැබ්බයක් අයි.සී.සීය සිය උපන් දින සුබ පැතුමට එක් කළ හැටි

Date:

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන අද සිය 44 වැනි උපන් දිනය සමරනු ලබනවා.

මේ වන විට ඔහුට ලොව නන් දෙසින් උපන් දින සුබ පැතුම් ලැබෙමින් පවතින බවක් සමාජජාලා මාධ්‍ය ඔස්සේ ද දැක ගත හැකියි.

ඒ අතරට ජගත් ක්‍රිකට් කවුන්සලය ද ඇතුළත්.

ඔවුන්  සිය සමාජජාලා මාධ්‍ය ඔස්සේ මහේල වෙත අපූර්ව සුබ පැතුමක් පල කර තිබුණා.

එම සුබ පැතුමට ඇතුළත් කර තිබුණේ මහේල ජයවර්ධන ක්‍රිකට් පිටියේ දී මුහුණ දුන් අකරතැබ්බයකට අදාළ වීඩියෝවක් වීම විශේෂත්වයක්.

2015 ලෝක කුසලාන තරගාවලියේ ඇෆ්ඝනිස්තානයට එරෙහි තරගයේ දී ශපූර් සඩ්රාන් යොමු කළ පන්දුවක් හමුවේ මහේලගේ පිත්ත දෙකට මැදින් කැඩී යන අයුරු එම වීඩියෝවේ ඇතුළත්ව තිබුණා.

මේ අතර, ඔහුගේ පුහුණුකාරීත්වයෙන් යුත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ද මහේලගේ උපන් දිනයට සමාජ මාධ්‍ය ඔස්සේ සුබ පැතුම් එක් කර තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...