“සියලු දෙනා ගොඩක් දක්ෂ පිතිකරුවන්. ඔවුන් තාම ඒක පෙන්වලා නෑ.” : මිකී ආතර්

Date:

ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්ට එක්දින කණ්ඩායමේ දොර තවමත් වසා නොමැති බව ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් පවසනවා.

ඩකා නුවර දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සදහන් කළේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්ට කැදවන ඕනෑම මොහොතක කණ්ඩායමට පැමිණිය හැකි බවයි.

එම ක්‍රීඩකයින්ව කණ්ඩායමෙන් ඉවත් කිරීමක් සිදු කර නොමැති බවත්, ඔවුන් නොමැතිව ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරියට යා හැකි මාර්ගයක් දෙස නිරීක්ෂණය කළ බවත් මිකී ආතර් සදහන් කළා.

“හසරංග (වනිදු) ඉතාමත් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. මේක ගොඩක් තරුණ කණ්ඩායමක් කියන එක අපිට සිද්ධ වෙනවා තේරුම් ගන්න. ඒගොල්ලො දියුණු වේවි. අපි ඔවුන් සමග ගමනක් ආරම්භ කරලා තියෙනවා. අපිට අවශ්‍ය වන්නේ ඔවුන් වර්ධනය වීමයි.”  යනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සදහන් කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු තරග දෙකේ දී ඉතා දුර්වල පිතිහරඹයක නිතර වූ අතර, ඒ අනුව පිතිකරුවන් නිදහස්ව පන්දුවට පහර දීමේ වැදගත්කම ද මෙහිදී මිකී ආතර් පෙන්වා දුන්නා.

“පිටිය මැද ක්‍රීඩා කරන පිතිකරුවන්, පුහුණුවීම් තුළ දී මම දකින පිතිකරුවන් හා සැසදීමේ දී සම්පූර්ණයෙන්ම වෙනස්.”

“ඔවුන් සියලු දෙනා ගොඩක් දක්ෂ පිතිකරුවන්. විශේෂයෙන් දග පන්දු යවන්නන්ට එරෙහිව. ඔවුන් තාම එය පෙන්වලා නෑ. නමුත් හෙට මම හොද දක්ෂතාවයක් බලාපොරොත්තුවෙනවා.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...