දික්වැල්ල තෙවැනි තරගයට ක්‍රීඩා කරයි : ග්‍රාන්ට් ෆ්ලවර්

Date:

බංග්ලාදේශය සමග හෙට(28) පැවැත්වෙන තෙවන හා අවසන් එක්දින ක්‍රිකට් තරගය සදහා නිරෝෂන් දික්වැල්ල ක්‍රීඩා කරනු ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් පවසනවා.

අද පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සදහන් කළේ කඩුලු රැකීමේ කාර්යය ද දික්වැල්ල විසින් මෙම තරගයේ දී සිදු කිරීමට ඉඩ ඇති බවයි.

මෙම තරගාවලියේ දී පිතිකරුවන් දුර්වල දක්ෂතාවයක් දැක්වීමට තාක්ෂණික කරුණුවලට වඩා මානසික කරුණු බලපෑ බවක් දක්නට ලැබෙන බව ද පිතිකරණ පුහුණුකරු පෙන්වා දුන්නා.

පිතිකරුවන් පුහුණුවීම්වලදී නිදහස්ව හොදින් පිතිකරණයේ නිරත වුව ද, තරගයකදී පිටිය මැදට ගිය විට ඔවුන් ඊට වෙනස් වූ ආකාරයකින් පීඩනයක් සහිතව පිතිකරණයේ නිරත වන බවයි ග්‍රාන්ට් ෆ්ලවර් කියා සිටියේ.’

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තෙවැනි එක්දින තරගය හෙට දහවල් 12.30ට මීර්පූර්හි ෂරී බංග්ලා ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...