ගේල්, ඩු ප්ලෙසිස් යළි ශාන්ත කිට්ස් කණ්ඩායමට – ශකිබ් ජැමයිකා කණ්ඩායමට

Date:

බටහිර ඉන්දීය කොදෙව් සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL) තරගාවලියේ දී ශාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස් පැට්‍රියෝට්ස් කණ්ඩායම නියෝජනය කිරීමට තීරණය කර තිබෙනවා.

ක්‍රිස් ගේල් පසුගිය වසරේ දී ශාන්ත ලුසියා සෝක්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව තිබුණ ද 41 හැවිරිදි ඔහු පෞද්ගලික හේතුවත් මත එම තරග වාරය සදහා ක්‍රීඩා කළේ නැහැ.

ඔහු මීට පෙර CPL පිටියේ දී ජැමයිකා තලවාස් කණ්ඩායම තරග වාර 4කදී නියෝජනය කළ අතර, එහිදී අවස්ථා දෙකකදී ශූරතාවය ද දිනා ගත්තා.

අනතුරුව ඔහු ශාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස් පැට්‍රියෝට්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමටයි තීරණය කළේ.

පසුව 2019 වසරේ දී ඔහු යළි ජැමයිකා තලවාස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළා.

මේ අතර, දකුණු අප්‍රිකාවේ ෆෆ් ඩු ප්ලෙසිස් ද යළි ශාන්ත කිට්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම බංග්ලාදේශයේ ශකිබ් අල් හසාන් ද මෙවර තරග වාරයේ දී යළි ජැමයිකා තලවාස් කණ්ඩායම නියෝජනය කිරීමටයි තීරණය කර ඇත්තේ.

ඔහු එම කණ්ඩායම සදහා 2016 සහ 2017 වසරවලදී ද ක්‍රීඩා කළා.

අනතුරුව 2019 වසරේ දී ශකිබ් බාර්බඩෝස් ට්‍රයිඩෙන්ට්ස් කණ්ඩායමයි නියෝජනය කළේ.

ලබන අගෝස්තු 28 වනදා ආරම්භ වන 2021 CPL තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Draft) හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාව හෙට(28) සිදු කිරීමට නියමිතයි.

අනතුරුව සියලු කණ්ඩායම්වල සම්පූර්ණ සංචිත නිල වශයෙන් නිවේදනය කෙරෙණු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...