ශිරාන් ප්‍රනාන්දුගේ තෙවැනි PCR වාර්තාව නිකුත් වෙයි

Date:

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ශිරාන් ප්‍රනාන්දු සදහා කොවිඩ් 19 සම්බන්ධයෙන් සිදු කෙරුණු තෙවැනි PCR පරීක්ෂණයේ වාර්තාව නිකුත් වී තිබෙනවා.

ඒ අනුව මේ වන විට ඔහු කොවිඩ් 19 ආසාදිතයෙකු නොවන බවටයි නවතම පරීක්ෂණ වාර්තාවෙන් අනාවරණය වී ඇත්තේ.

බංග්ලාදේශය සමග පැවැති පළමු එක්දින තරගයට පෙර ඔහු ඇතුළු තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හදුනා ගැණුනා.

කෙසේ වෙතත්, පසුව සිදු කළ දෙවැනි PCR පරීක්ෂණයේ දී තහවුරු වුණේ චමින්ද වාස්ට සහ ඉසුරු උදානට වෛරසය ආසාදනය වී නොමැති බවටයි.

ඊයේ(26) පස්වරුවේ පැවැති ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුවීම් සදහා ශිරාන් ප්‍රනාන්දු සහභාගී වී සිටියේ නැහැ.

මේ වන විටත් දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලිය ශ්‍රී ලංකාව පරාජයට පත්ව ඇති අතර, හෙට පැවැත්වෙන අවසන් තරගයට ශ්‍රී ලංකාව තරග වදින්නේ පූර්ණ තරගාවලි පරාජයකින් ගැළවීමේ අරමුණින්.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...