සාර්ථකම හඹායාමේ පිතිකරණ සාමාන්‍යක් ඇති පිතිකරුවන් අතරට ලංකාවෙන් දෙදෙනෙක්

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට තවත් වේදනාත්මකම දිනයක මතකයක් ඉතිරි කරමින් බංග්ලාදේශට එරෙහිව වාර්තා වූ ප්‍රථම එක්දින තරගාවලි පරාජයේ අමිහිරි අත්දැකීමට මුහුණ දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට පසුගියදා සිදුවුණා.

බංග්ලාදේශයට එරෙහිව නිමා වූ තරඟ දෙක පුරාම පන්දු රැකීමේ අංශයෙන් මෙන්ම පන්දු යැවීමේ අංශයෙන් කැපීපෙනෙන දියුණුවක් දැකගන්නට හැකියාව ලැබුණත් පිතිකරණ අංශයෙන් දක්නට ලැබුණේ සුපුරුදු දුර්වල ක්‍රීඩා විලාශයමයි.

අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ පිතිකරුවන් ඉවත්කරමින් තේරීම් කමිටුව නම් කළ තරුණ ශ්‍රී ලංකා කණ්ඩායමට පහසු ඉලක්කයන් පවා හඹා යාමට නොහැකි වීමත්, එම හඹා යාමේ දී අවම වශයෙන් කිසිදු තරගකාරී බවක් හෝ ප්‍රදර්ශනය නොකිරීමත් බොහෝ ප්‍රේක්ෂකයන්ගේ කනගාටුවට තවදුරටත් තීව්‍ර කිරීමට හේතු වුණා.

කෙසේ නමුත් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ සාර්ථකව ඉලක්කයක් හඹා ගිය අවස්ථාවන්වල ඉහළම පිතිකරණ සාමාන්‍යයක් පවත්වාගෙන ගිය පිතිකරුවන් දහ දෙනා අතර වත්මන් ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙකු රැඳී සිටින බව ඔබ දන්නවා ද?

ඔවුන් දෙදෙනා වන්නේ දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජෙලෝ මැතිව්ස් යන ක්‍රීඩකයන් දෙදෙනායි.

නමුත් ඔවුන් දෙදෙනාම බංග්ලාදේශයට එරෙහි සංචිතයට නම් කර තිබුණේ නැහැ.

සාර්ථකව ඉලක්කයක් හඹා ගිය අවස්ථාවන්වල ඉහළම සාමාන්‍යක් පවත්වා ගත් පිතිකරුවන් 5 දෙනා  –

05. ඒ.බී. ඩි විලියස් ( ද.අ )

ඉනිම 59 යි. හඹා යාමේ දී රැස්කර ඇති ලකුණු සංඛ්‍යාව 2,566 යි. සාමාන්‍ය 82.77 යි. ශතක 5 ක් සහ අර්ධ ශතක 18 ක් ලබාගෙන ඇත.

04. දිනේෂ් චන්දිමාල් ( ශ්‍රී ලංකාව )

ඉනිම 22 යි. හඹා යාමේ දී රැස්කර ඇති ලකුණු සංඛ්‍යාව 853 යි. පිතිකරණ සාමාන්‍ය 85.30 යි. ශතක 2 ක් සහ අර්ධ ශතක 05 ක් ලබාගෙන ඇත.

03. මයිකල් බෙවන් ( ඔස්ට්‍රේලියාව )

ඉනිම 45 යි. හඹා යාමේ දී රැස්කර ඇති ලකුණු සංඛ්‍යාව 1,725 යි. පිතිකරණ සාමාන්‍ය 86.25 යි. ශතක 3 ක් සහ අර්ධ ශතක 12 ක් ලබාගෙන ඇත.

02. විරාට් කෝලි ( ඉන්දියාව )

ඉනිම 86 යි. හඹා යාමේ දී රැස්කර ඇති ලකුණු සංඛ්‍යාව 5,388 යි. පිතිකරණ සාමාන්‍ය 96.21 යි. ශතක 22 ක් සහ අර්ධ ශතක 22 ක් ලබාගෙන ඇත.

01. එම්.එස් දෝනි ( ඉන්දියාව )

ඉනිම 75 යි. රැස්කර ඇති ලකුණු සංඛ්‍යාව 2,876 යි. පිතිකරණ සාමාන්‍ය 102.71 යි. ශතක 2 ක් සහ අර්ධ ශතක 20 ක් ලබාගෙන ඇත.

ඇන්ජෙලෝ මැතිව්ස් මෙහි 9 වන ස්ථානයේ පසු වනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...