ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දිවයිනට එන්න විශේෂ අවසරයක්

Date:

මේ වන විට බංග්ලාදේශ තරග සංචාරයක නිරත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන 29 වනදා විශේෂ ගුවන් යානයකින් යළි මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් වාණිජ ගුවන් යානාවලින් මගීන් මෙරටට පැමිණීම තාවකාලිකව අත්හිටුවා ඇති බැවින් ශ්‍රී ලංකා කණ්ඩායම එලෙස විශේෂ ගුවන් යානයකින් මෙරටට ගෙන්වා ගනු ඇති.

මැයි 31 වනදා දක්වා ජාත්‍යන්තර ගුවන් යානා සදහා අදාළ තහනම පනවා තිබෙනවා.

“ඔව් අපේ ගුවන් තොටුපොල සියලු වාණිජ ගුවන් යානා මගීන් සදහා වහලා තියෙන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සදහා විශේෂ අවසරයක් ලබා දෙනවා දිවයිනට පැමිණෙන්න.”

යනුවෙන් විදේශ අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා බංග්ලාදේශ මාධ්‍යකට සදහන් කළා.

“කොවිඩ් කාර්යය සාධන බලකාය, සෞඛ්‍ය අමාත්‍යංශය, සිවිල් ගුවන් සේවා අධිකාරිය එක්ව කටයුතු කරනවා අපේ කණ්ඩායම ගැටලුවකින් තොරව ගෙන්වා ගන්න”

“ඔවුන්ගේ නිරෝධායන කාලසීමාව ගැනත් තීරණයක් ගන්නවා”

ශ්‍රී ලංකා කණ්ඩායම ලබන මාසයේ දී එංගලන්ත තරග සංචාරයක ද නිරත වීමට නියමිතව ඇති අතර, ඒ සදහා බොහෝ විට ක්‍රීඩකයින් 22 දෙනෙකුගෙන් පමණ සමන්විත සංචිතයක් එක් වනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...