ශ්‍රී ලංකාවට එරෙහි අවසන් තරගයට බංග්ලාදේශ සංචිතය නම් කෙරේ

Date:

ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත තෙවන හා අවසන් එක්දින ක්‍රිකට් තරගය සදහා වන බංග්ලාදේශ සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ආරම්භක පිතිකරුවෙකු වන නයිම් ශෙයික් (Naim Sheikh) සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

පළමු තරග දෙක සදහා නම් කළ 15 දෙනෙකුගෙන් යුත් සංචිතයේ කිසිදු ක්‍රීඩකයෙකු ඉන් ඉවත් කිරීමට එරට ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර නැහැ.

ඒ අනුව තෙවැනි තරගය සදහා වන බංග්ලාදේශ සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.

පළමු තරග දෙක ජය ගත් බංග්ලාදේශය මේ වන විටත් තරගාවලිය ජය ගෙන ඇති අතර, තෙවැනි තරගය ලබන 28 වනදා පැවැත්වීමට නියමිතයි.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...