ඇෆ්ඝනිස්තානය සහ පාකිස්තානය පළමු ද්විපාර්ශ්වික තරගාවලියට සූදානම්

Date:

ඇෆ්ඝනිස්තානය සහ පාකිස්තානය අතර සැප්තැම්බර් මාසයේ දී තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාලියක් පැවැත්වීමට දෙරටේ ක්‍රිකට් ආයතන තීරණය කර තිබෙනවා.

තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීම සදහා දෙරටේ ක්‍රිකට් බළධාරීන් තීරණය කර ඇතත්, කුමන ක්‍රීඩාංගනයකදී තරග පවත්වන්නේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව සදහන්.

පාකිස්තානය සහ ඇෆ්ඝනිස්තානය මීට පෙර අයි.සී.සී සහ ඒ.සී.සී (ආසියානු) තරගාවලියන්හී දී එකිනෙකාට එරෙහිව තරග වැදී ඇති නමුත්, ඔවුන් අතර මෙතෙක් කිසිදු ද්විපාර්ශ්වික තරගාවලියක් පවත්වා නැහැ.

ඇෆ්ඝනිස්තාන ක්‍රීඩකයින්ට එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත පැමිණීමේ දී මේ වන විට පවතින වීසා ගැටලුව විසදා ගැනීම සදහා ඇෆ්ඝනිස්තාන සහ එමීර් රාජ්‍ය බළධාරීන් අතර සාකච්ඡා සිදු වන බව ද සදහන්.

අදාළ තරගාවලියෙන් පසුව ඇෆ්ඝනිස්තාන කණ්ඩායම ඔස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් සමග තුන්කොන් 20යි 20 තරගාවලියකට ද ක්‍රීඩා කිරීමට අපේක්ෂාවෙන් පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...