“කොරෝනා වැළදුණු ක්‍රීඩකයින් 6 කට කොරෝනා නැහැ” – පාකිස්තාන ක්‍රිකට්

Date:

කොරෝනා වෛරසය ආසාදනය වූ බවට පසුගියදා ප්‍රකාශයට පත් කෙරුණු පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් 10 දෙනාගෙන් ක්‍රීඩකයින් 6 දෙනෙකුගේ ශරීර තුළ මේ වන විට වෛරසය නොමැති බව තහවුරු වී තිබෙනවා.

ඒ, අදාළ සියලු ක්‍රීඩකයින් දෙවැනි වටයේ වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමෙන් අනතුරුවයි.

ෆකාර් සමාන්, මොහොමඩ් හස්නයින්, මොහොමඩ් හෆීස්, මොහොමඩ් රිස්වාන්, ශඩාබ් ඛාන් සහ වහබ් රියාස් යන ක්‍රීඩකයින්ගේ ශරීර තුළ මෙලෙස වෛරසය නොමැති බවට තහවුරු වී ඇති බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

කෙසේ වෙතත්, ඔවුන් ලබන සතියේ දී තෙවැනි වටයේ වෛද්‍ය පරීක්ෂණයක් සදහා ද යොමු කරන අතර, එහිදී ද ඔවුන්ට වෛරසය ආසාදනය වී නොමැති බව අණාවරණය වුණහොත් එංගලන්ත තරග සංචාරය සදහා ඔවුන් පිටත් කර හැරීමට බළධාරීන් කටයුතු කරනු ඇති.

හෙයිදර් අලී, හැරිස් රවුෆ්, කෂිෆ් භට්ටි සහ ඉම්රාන් ඛාන් යන ක්‍රීඩකයින්ගේ ශරීර තුළ තවදුරටත් කොරෝනා වෛරසය පවතින බවටයි අණාවරණය වී ඇත්තේ.

මේ අතර, එංගලන්ත තරග සංචාරය සදහා පාකිස්තාන කණ්ඩායම හෙට (28) දිනයේ දී පිටත්ව යාමට නියමිත අතර, ඒ සදහා වන ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් යුත් සංචිතයක් අද ප්‍රකාශයට පත් කළා.

මීට පෙර ක්‍රීඩකයින් 29 දෙනෙකුගෙන් යුත් සංචිතයක් පාකිස්තානය විසින් මෙම සංචාරය සදහා නම් කළ ද, ක්‍රීඩකයින් 10 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙනුයි මෙලෙස නව සංචිතයක් ප්‍රකාශයට පත් කර ඇත්තේ.

මීට පෙර නම් කළ සංචිතයේ සිටි ක්‍රීඩකයින් අතරට එක් නොවූ වේග පන්දු යවන ක්‍රීඩක මුසා ඛාන් සහ කඩුලු රකින ක්‍රීඩක රොහයිල් නසීර් මෙම සංචිතයට නම් කර තිබෙනවා.

මෙම ක්‍රීඩකයින් 20 දෙනාගෙන් යුත් සංචිතය හා කාර්ය මණ්ඩලයේ 11 දෙනෙකු හෙට දිනයේ දී මැන්චෙස්ටර් වෙත ලගා වීමට නියමිත අතර, පසුව ඔවුන් වොර්ස්ටෂෙයාර් (Worcestershire) වෙත ගමන් කිරීමට නියමිතයි.

එහිදී දින 14 ක කාලයක් නීරෝධායන ක්‍රියාවලියකට ද ඔවුන් මුහුණ දෙන අතර, එම කාලය තුළ දී පුහුණුවීම් කටයුතු සිදු කිරීම සදහා ද අවසර හිමි වනවා.

අනතුරුව ක්‍රීඩකයින් ජූලි 13 වනදා ඩර්බිෂෙයාර් බලා පිටත්ව යනු ඇති.

පළමුව නම් කළ 29 දෙනෙකුගෙන් යුත් සංචිතයේ සිටි ෂොයිබ් මලික් පාකිස්තාන සංචිතය හා එක්වන්නේ ජූලි 24 වනදායි.

හෙට පිටත්ව යන 20 දෙනෙකුගෙන් යුත් සංචිතය –

Azhar Ali (captain), Babar Azam (vice-captain), Abid Ali, Asad Shafiq, Faheem Ashraf, Fawad Alam, Iftikhar Ahmad, Imad Wasim, Imam-ul-Haq, Khushdil Shah, Mohammad Abbas, Musa Khan, Naseem Shah, Rohail Nazir, Sarfaraz Ahmed, Shaheen Shah Afridi, Shan Masood, Sohail Khan, Usman Shinwari, Yasir Shah.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...