කොදෙව් පුහුණුකරු එංගලන්තයේ දී ස්වයං නීරෝධායනයට

Date:

බටහිර ඉන්දීය කොදෙව් පුහුණුකරු පිල් සිමන්ස් ස්වයං නීරෝධායනයට ලක්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ දිනවල කොදෙව් කණ්ඩායම එංගලන්තයේ තරග සංචාරයක නිරතව සිටින අතර, ඒ අතරතුරයි ඔහු එලෙස ස්වයං නීරෝධායනයට ලක් කර ඇත්තේ.

පසුගියදා ඔහු අවමංගල්‍ය උත්සවයකට සහභාගී වීම හේතුවෙන් මෙලෙස ස්වයං නීරෝධායනයට ලක් කර ඇති බව සදහන්.

කණ්ඩායමට දැනුම් දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශන ප්‍රකාරව ඔහු අනිවාර්යයෙන් දින 5ක කාලයක් සෙසු ක්‍රීඩකයින්ගෙන් වෙන්ව සිටිය යුතුයි.

එමෙන්ම සෞඛ්‍ය පරීක්ෂණ ද්විත්වයකින් ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට ද තහවුරු වූ පසුවයි පිල් සිමන්ස්ට යළි කණ්ඩායම හා එක් වීමේ අවස්ථාව හිමි වන්නේ.

එංගලන්තය සහ කොදෙව්වන් අතර පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය එළඹෙන 8 වනදා ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...