PSL ඉතිරි තරග මෙම වසර අගදී

Date:

2020 පාකිස්තාන සුපර් ලීග් හෙවත් පී එස් එල් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග මෙම වසර අවසානයේ දී පැවැත්වීම සදහා පාකිස්තාන ක්‍රිකට් ආයතනය සූදානමින් පසුවනවා.

ඊයේ(26) වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති ක්‍රිකට් ආයතන රැස්වීමේ දී මේ පිළිබද සාකච්ඡා වූ බවයි එරට ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක් වුණේ.

මෙවර පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය මාර්තු 17 වනදා දක්වා පැවැති නමුත්, පසුව කොරෝනා වසංගත අර්බුය හමුවේ ඉතිරි තරග කල් දැමීමට පියවර ගැණුනා.

ඒ වන විට පවත්වා තිබූ තරග සංඛ්‍යාව 30ක්.

ඒ අනුව තරගාවලිය යටතේ තවත් තරග 4ක් පැවැත්වීමට නියමිත අතර, එම තරග මෙම වසර අගදී පැවැත්වීමට කටයුතු කරනු ඇති.

මේ අතර, ලබන වසරේ පෙබරවාරි – මාර්තු මාසවල පැවැත්වීමට නියමිත පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය සදහා තවත් ක්‍රීඩාංගනයක් (පස්වන ක්‍රීඩාංගනය) යොදා ගැනීම කෙරෙහි ද පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා.

මෙවර ක්‍රීඩාංගන 4කදී තරගාවලිය පැවැති නමුත් ලබන වසරේ දී එය පෙෂාවර්හී දී ද පැවැත්විමට කටයුතු සැලසුම් කරන බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...