ලිඛිත සහතිකයට ඉන්දියාවෙන් පාකිස්තානයට සැර පිළිතුරක්

Date:

වීසා සම්බන්ධ ගැටලුවක් ඉන්දීය රජයෙන් ඇති නොවන බවට සහතිකයක් ලබා දීමට පෙර පාකිස්තානය පදනම් කර ගත් ත්‍රස්ත ක්‍රියා ඉන්දියාව තුළ සිදු නොවන බවට සහතිකයක් පාකිස්තාන ක්‍රිකට් ආයතනයට ලබා දිය හැකි දැයි ඉන්දීය ක්‍රිකට් ආයතනය ප්‍රශ්න කර සිටිනවා.

ඉන්දීය ක්‍රිකට් ආයතනයේ නිළධාරියෙකු IANS වෙත අදහස් දක්වමින් සදහන් කර ඇත්තේ ක්‍රීඩාවේ කටයුතු සදහා රජයේ මැදිහත් වීම් සිදු නොවිය යුතු බවට අයි.සී.සීය පැහැදිලිව සදහන් කර ඇති අයුරින් ක්‍රිකට් ආයතනවලට ද රජයේ කටයුතුවලට මැදිහත් වීමක් සිදු කළ නොහැකි බවයි.

2021 පන්දුවාර 20යි 20 ලෝක කුසලානය සහ 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ඉන්දියාවට පැමිණීම වෙනුවෙන් වීසා ලබා ගැනීමේ දී ඉන්දීය රජයෙන් කිසිදු ගැටලුවක් ඇති නොවන බවට ලිඛිත සහතිකයක් ඉන්දීය ක්‍රිකට් ආයතනයෙන් අවශ්‍ය බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය පසුගියදා ජගත් ක්‍රිකට් කවුන්සලයට දැනුම් දුන්නා.

පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී වසීම් ඛාන් මේ පිළිබද අණාවරණය කිරීමෙන් පසුවයි ඉන්දීය ක්‍රිකට් ආයතනය මේ වන විට ඊට ප්‍රතිචාර දක්වා ඇත්තේ.

“කිසිම නීතිවිරෝධී ආක්‍රමණයක් පාකිස්තාන පාර්ශවයෙන් සිදු නොවන බවට ලිඛිත සහතිකයක් ලබා දෙන්න පාකිස්තාන ක්‍රිකට් ආයතනයට පුලුවන්ද? එහෙම නැත්නම් සටන් විරාමය උල්ලංඝනය නොවන බවට සහතිකයක් ලබා දෙන්න පුලුවන්ද? පාකිස්තානය පදනම් කර ගත් ත්‍රස්ත ක්‍රියා ඉන්දියාවේ සිදු නොවන බවට සහතිකයක් දෙන්න පුලුවන්ද? ”

යනුවෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනයේ නිළධාරියෙකු සදහන් කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...