“සුපිරි පන්දුවාර එපා – අවසන් තරගයේ දී මම ඒක දැනගෙන හිටියෙත් නැහැ” – ටේලර්

Date:

එක්දින තරග සදහා සුපිරි පන්දුවාරයක් ලබා දීමේ අවශ්‍යතාවයක් නොමැති බව නවසීලන්ත පිතිකරු රෝස් ටේලර් පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ එක්දින තරගයක් දීර්ඝ කාලයක් ක්‍රීඩා කරන බැවින් ලකුණු සම වීමක් සිදු වුවහොත් එය ලකුණු සමවීමක් ලෙසින්ම අවසන් කළ යුතු බවයි.

ඒ අනුව එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් තරගයකදී ලකුණු සමවීමක් සිදුවුවහොත් කණ්ඩායම් දෙකම සමශූරයින් ලෙස නම් කර තරගාවලිය අවසන් කිරීම සුදුසු බව ඔහුගේ අදහසයි.

රෝස් ටේලර් මේ බව සදහන් කළේ Cricingif වෙත අදහස් දක්වමින්.

2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී එංගලන්තය සහ නවසීලන්තය තරගයේ පන්දුවාර 100 අවසන් වන විටත් සම ලකුණු ලබා සිටි අතර, පසුව ලබාදුන් සුපිරි පන්දුවාරයේ දී ද කණ්ඩායම් දෙකම සම ලකුණු ලබා ගැනීම හේතුවෙන් තරගයේ දී එල්ල කළ හතරේ පහර සංඛ්‍යාව ගණනය කර ලෝක ශූරතාවය එංගලන්තයට ප්‍රදානය කෙරුණා.

කෙසේ වෙතත්, ඊට එල්ල වූ විවේචන සැලකිල්ලට ගෙන ජගත් ක්‍රිකට් කවුන්සලය නීති සංශෝදනයක් සිදු කරමින් තීරණය කළේ යළි එවැනි අවස්ථාවක් උදා වුවහොත් තරගයේ ජයග්‍රාහකයා තෝරා ගැනීම සදහා අඛණ්ඩව සුපිරි පන්දුවාර ලබා දීමටයි.

“එක්දින තරගයකදී පන්දුවාර 100ක් ක්‍රීඩා කරනවා. එහෙම ක්‍රීඩා කරලත් අවසානයේ දී ලකුණූ සම වෙනවනම්, සම ජයග්‍රාහකයින් ලෙස නම් කිරීම වැරැද්දක් කියල මමනම් හිතන්නේ නැහැ”

යනුවෙන් රෝස් ටේලර් සදහන් කළා.

“ලෝක කුසලානයේ දී ඇත්තටම මම විනිසුරුවන් ළගට ගියා “හොද තරගයක්” කියලා කියන්න. ඇත්තටම මම දැනගෙන හිටියේ නැහැ සුපිරි පන්දුවාරයක් තියෙනව කියලවත්. සම වීම සම වීමක්මයි. මම හිතන්නේ ඔබට මෙම තර්කය දෙයාකාරයකින් තිබිය හැකියි.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...