වනිඳු හසරංගගේ සටන්කාමී ඉනිම නව ලෝක වාර්තාවක් බවට පත් වෙයි

Date:

ඊයේ දිනයේ බංග්ලාදේශ කණ්ඩායම සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ ප්‍රථම එක්දින ක්‍රිකට් තරගය නිමාව දුටුවේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට කනගාටුදායක මතකයක් ඉතිරි කරමින්.

වනිඳු අසරංග හැර වෙනත් කිසිදු ශ්‍රී ලංකා පිතිකරුවෙකුට සාර්ථක වීමට බංග්ලාදේශ පන්දු යවන්නන් මෙම තරගයේ දී අවස්ථාවක් ලබා දුන්නේ නැහැ.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ඉනිමේ අංක අට පිතිකරුවා ලෙස පිතිකරණයේ නිරත වූ වනිඳු හසරංග මෙම තරගයේ දී නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්වීම විශේෂත්වයක්.

මීර්පූර් හී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශය ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඔවුන් නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 257 ක් රැස්කිරීමට සමත්වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා හිමි වූයේ ලකුණු 258 ක ඉලක්කයක්.

ශ්‍රී ලංකා ඉනිමේ ප්‍රථම කඩුල්ල දවා ගැනීමේ සිට බංග්ලාදේශ පන්දු යවන්නන් ශ්‍රී ලංකාව වෙත යොමු කළ පීඩනය පෙරළා යළි බංග්ලාදේශයට යොමු කිරීමට ශ්‍රී ලංකා පිතිකරුවන්ට හැකියාවක් ලැබුණේ නැහැ.

මුළු ලකුණු පුවරුව 102 ක්ව තිබියදී ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 6 ක්ම දැවී ගොස් තිබූ බැවින් ඒ වන විටත් තරගයේ සම්පූර්ණ පාලනය බංග්ලාදේශයට නතු වී තිබුණා.

ඉන් අනතුරුව පිටියට පිවිසි තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග අනුකම්පා විරහිත ඉනිමක් දියත් කරමින් පන්දු 60 කදී ලකුණු 74ක් රැස්කළේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් වෙත යම් බලාපොරොත්තුවක් ලබා දෙමින්.

ඔහුගේ එම වේගවත් ඉනිම හයේ පහරවල් 5 කින් සහ හතරේ පහර 3 කින් වර්ණවත් වුණා.

මොහොමඩ් සයිෆුදීන්ගේ පන්දුවක් හමුවේ වනිඳු දැවී යද්දී තරගය ජය ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට තිබූ සියලු බලාපොරොත්තු ද සැනකින් ගිලිහී ගියා.

කෙසේ නමුත්, එම විශිෂ්ඨ ඉනිමත් සමග ලෝක එක්දින ක්‍රිකට් පිටියේ අංක 8 හෝ ඊට පහළ (8-11) ස්ථානයක පන්දුවට පහර දෙමින් ලකුණු 70 කට වැඩි ලකුණු සංඛ්‍යාවක් අඛණ්ඩව දෙවතාවක් වාර්තා කළ ලොව පළමු පිතිකරුවා බවට පත්වීමට වනිඳු මෙහිදී සමත්වුණා.

ඔහු මීට පෙර අවසන් වරට ක්‍රීඩා කළ ඉනිමේදී කොදෙව් කණ්ඩායමට එරෙහිව පන්දු 60 කදී ලකුණු 80 ක් නොදැවී රැස් කර තිබුණා.

ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු එක්දින තරගයෙන් බංග්ලාදේශයට ලකුණු 33 ක ජයක් හිමි වූ අතර, දෙරට අතර පැවැත්වෙන දෙවන එක්දින තරගය හෙට පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...