ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙක් විශේෂ ගුවන් යානයකින් පාකිස්තානයට

Date:

පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට විශේෂ ගුවන් යානයකින් පාකිස්තානයට පැමිණීමට එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය අවසර ලබා දී තිබෙනවා.

ඒ, ශ්‍රී ලාංකිකයින්ට එරටට ඇතුළු වීමට සංචරණ සීමා පනවා ඇති බැවින්.

පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන ක්‍රීඩකයින්ට එරටට ඇතුළු වීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා මීට පෙර පාකිස්තාන ක්‍රිකට් ආයතනය එරට සිවිල් ගුවන් සේවා අධිකාරියට ලිපියක් යොමු කර තිබුණා.

ඒ අනුව තරගාවලියට එක් වන තිසර පෙරේරා සහ සීක්කුගේ ප්‍රසන්න විශේෂ ගුවන් යානයකින් එරටට ළගා වීමෙන් පසුව තරගාවලිය පැවැත්වීමට නියමිත එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත එළඹෙන 26 වනදා පිටත්ව යනු ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

මෙහිදී නියමිත සෞඛ්‍ය මාර්ගෝපදේශ ද පිළිපැදීමට සිදු වනවා.

ලාහෝර් සහ කරච්චි සිට ක්‍රීඩකයින් සහ සියලු බළධාරීන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත රැගෙන යාමට ලබන 26 වනදා විශේෂ ගුවන් යානා යොමු කර ඇති බව සදහන්.

කොරෝනා වසංගතය හේතුවෙන් අතරමගදී කල් දැමීමට සිදු වූ මෙවර පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග ලබන මස මුල අබුඩාබි හී දී පැවැත්වීම සදහා පාකිස්තාන ක්‍රිකට් ආයතනයට පසුගියදා එක්සත් අරාබි එමීර් රජය විසින් අවසර ලබා දුන්නා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...