මෙහෙමනම් ගහන්නේ හොද පුහුණුකරුවෙක් ගෙනත් වැඩක් නැහැ : BCB සභාපති

Date:

ශ්‍රී ලංකාව සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයේ දී බංග්ලාදේශ පිතිකරුවන් පන්දුවට පහර දුන් ආකාරය එරට ක්‍රිකට් ආයතනයේ සභාපති නස්මුල් හසාන් දැඩි ලෙස විවේචනයට ලක් කර තිබෙනවා.

පිතිකරුවන් පහරවල් තෝරා ගැනීමේ දී දැඩි දුර්වලතාවයක් පෙන්නුම් කළ බවයි ඔහු සදහන් කළේ.

ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු එක්දින ක්‍රිකට් තරගයේ බංග්ලාදේශ ඉනිමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නස්මුල් හසාන් මෙම අදහස් පල කළා.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 6ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 257ක්.

“බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය උත්සාහ කරන්නේ සිදුවන්නේ කුමක්ද සහ එය සිදුවන්නේ ඇයි කියලා සොයා ගන්නයි. ජයග්‍රහනය හෝ පරාජය නෙවෙයි අද වැදගත් වෙන්නේ” යනුවෙන් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා සදහන් කළා.

“අපේ පහරවල් තෝරා ගැනීම නිවැරැදි වුණාද? පිතිකරණයේ දී මෙහෙම නම් ඔවුන් පහරවල් තෝරා ගන්නේ හොද පුහුණුකරුවෙක් ගෙනත් වැඩක් නැහැ. අපි පසුව පුහුණුකරු ගැන කතා කරමු. පළමුවෙන් අපිට සිද්ධ වෙනවා ක්‍රීඩකයින් සමග වාඩි වෙන්න ඔවුන්ගේ මානසිකත්වය තේරුම් ගන්න. සමහර දැවීයාම් හරිම කැතයි. තිබුණ තත්ත්වය යටතේ එවැනි පහරවල් එල්ල කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ”

ලිටොන් දාස් ආරම්භක පිතිකරුවෙකු ලෙස එක්දින තරගවලදී යොදා ගැනීම සම්බන්ධයෙන් ද සභාපතිවරයා මෙහිදී ප්‍රශ්න කර සිටියා.

“ලිටොන් දාස්ට 20යි 20 තරගවලදී ආරම්භක පිතිකරුවෙක් වෙන්න පුලුවන්. නමුත්, මගේ පෞද්ගලික අදහසනම් ඔහු සුදුසු අංක 5ට හෝ 6ට.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...