“අපිට නැතිවෙන්න දෙයක් නෑ, අපි ආවේ ඔවුන් පරාජය කරන්න” : ඉසුරු උදාන

Date:

තරුණ සහ අත්දැකීම් අවම ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමට බංග්ලාදේශයේ දී පීඩනය ඉතා අවම මට්ටමක පවතින බව ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ඉසුරු උදාන පවසනවා.

බංග්ලාදේශයේ ඩකා නුවර දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ දිනවල බංග්ලාදේශයේ රැදී සිටින්නේ එරටට එරෙහිව තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියක් ක්‍රීඩා කිරීමේ අරමුණින්.

තරගාවලියේ පළමු තරගය ලබන 23 වනදා මීර්පූර්හී දී ආරම්භ වීමට නියමිතයි.

“ඇත්තම කිව්වොත්, බංග්ලාදේශයට ඔවුන්ගේ කණ්ඩායමේ සුපිරි තරු කිහිපයක් සිටිනවා. අපට තරුණ කණ්ඩායමක් ඉන්නෙ, අපිට නැතිවෙන්න කිසිවක් නැහැ” යනුවෙන් ඉසුරු කියා සිටියා.

“අපි ආවේ මෙහෙට ඔවුන් පරාජය කිරීමටයි. ඉතිං අපි ඔවුන්ව පරාජය කිරීමට අපේ උපරිමය ලබා දිය යුතුයි. මොකද ඔවුන්ගේ රටේදී ඔවුන් ඉතා භයානකයි, අපි එය දන්නවා”

උණුසුම් දේශගුණය ශ්‍රී ලංකා කණ්ඩායමට එතරම් ගැටලුවක් නොවනු ඇති බව ද ඔහු විශ්වාසය පල කරනවා.

“මම එහෙම හිතන්නෙ නැහැ. මොකද, ශ්‍රී ලංකාව තුළ මීට වඩා උණුසුම්” යනුවෙන් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

“අපි දැන් ජෛව බුබුලු ජීවිතයට හුරුවෙලා ඉන්නෙ. ඉදිරියට යනකොට, අපි අදාළ සැලසුම්වල සිටිය යුතුයි, ඉතිං මම හිතන්නේ අපි සූදානම්. මොකද කොළඹ දී අපිට දින පහක හයක පුහුණු කඳවුරක් තිබුණා. අපි මෙහෙත් හොඳ පුහුණු සැසි දෙකක් පැවැත්වුවා. ඉතිං සියලු දෙනා සූදානම් කියල මම හිතනවා.”

මෙම තරගාවලියේ දී ජ්‍යෙෂ්ඨ වේග පන්දු යවන්නන් රැසක් ශ්‍රී ලංකා කණ්ඩායමට තෝරා නොමැති වීම හේතුවෙන් පන්දු යැවීමේ බලඇණියට නායකත්වය ලබා දීමට සිදු වන්නේ 33 හැවිරිදි ඉසුරු උදානටයි.

කෙසේ වෙතත්, උදාන පෙන්වා දෙන්නේ සියලු ක්‍රීඩකයින්ට වගකීම භාර ගැනීමට සිදු වන බවයි.

“මෙම ක්‍රීඩාවේදී අප සියල්ලන්ටම වගකීම භාර ගන්න සිද්ධ වෙනවා. මොකද මම පළපුරුදු පන්දු යවන්නෙකු වෙන්න පුලුවන්, නමුත් එක් දිනයක තරුණ ක්‍රීඩකයෙකු මට වඩා හොඳින් ක්‍රීඩා කරන්න පුලුවන්. ඒ නිසා මම හිතන්නේ අපි සියලු දෙනාම එක් වෙලා අපගේ අත්දැකීම් ප්‍රදර්ශනය කළ යුතුයි.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...