ඔය කෑගහන කට්ටිය නිසයි මහේල සංගා රිටයර් වුණේ : ශම්මි සිල්වා

Date:

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකු වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට එවකට පැවැති පරිපාලනයේ ගැටලු හේතු වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපති ශම්මි සිල්වා මහතා පවසනවා.

අඛණ්ඩව දෙවැනි වරටත් සභාපතිධූරයට පත්වීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු ඒ බව සදහන් කළා.

“තව අවුරුද්දක් දෙකක් ක්‍රිකට් එයාලගෙ ඇගේ තියෙද්දි, මෙතන තියෙන පරිපාලන ගැටලු නිසයි ඒගොල්ල අයින් වුණේ. මමත් ඒ කමිටුවේ හිටියා. හුගක් ප්‍රශ්න තිබ්බ එයාලට” යනුවෙන් හෙතෙම සදහන් කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් කෝප් කමිටුව තුළ සිදු වන පරීක්ෂණ සම්බන්ධයෙන් ද මෙහිදී ශම්මි සිල්වා මහතා අදහස් පල කළා.

“කෝප් එකේ වුණත් ඔයාලා ඔක්කොමල හිතන්නේ අපි කරා කියලා. අපේ කාලෙ නෙවෙයි මේවා වෙලා තියෙන්නේ. අපි ඒක ඉස්සරහට ඔයාලට පෙන්නන්නම්.”

“මේක ඇත්තටම අයි.සී.සී එකෙන් දෙන සල්ලිවලින්, අපේ සල්ලිවලින් තමයි අපි දුවන්නේ. අපි ශත 5ක් ආණ්ඩුවේ සල්ලි මේකට පාවිච්චි කරන්නේ නැහැ. අපි කෝප් එකට යන එකම හේතුව විගණන දෙපාර්තමේන්තුවෙන් තමයි අපේ ගිණුම් විගණනය කරන්නේ. ඒක ආණ්ඩුවේ ආයතනයක්. ඒකයි අපිව කෝප් එකට ගෙන්නගන්නේ. සාමාන්‍යෙයන් කෝප් එකට ගෙනියන්නේ ආණ්ඩුවෙන් සල්ලි දීලා ආණ්ඩුවෙන් බලාගන්න ඒව විතරයි.

ශ්‍රී ලංකා A කණ්ඩායම සදහා තරග සංචාර නිසි පරිදි සංවිධාන කර නොමැති බවට කිසියම් පාර්ශවයක් විසින් බිල්ලෙකු මවා ඇති බවත්, එහි කිසිදු සත්‍යතාවයක් නොමැති බවත්, සභාපතිවරයා මෙහිදී සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...