ශ්‍රී ලංකාවට එරෙහි බංග්ලාදේශ සංචිතය නම් කෙරේ

Date:

ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙක සදහා වන බංග්ලාදේශ සංචිතය අද(20) ප්‍රකාශයට පත් කෙරුණා.

ටමිම් ඉක්බාල්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15ක් ඇතුළත් අතර, අමතර ක්‍රීඩකයින් 4 දෙනෙකු ද ඇතුළත්.

පීතෘ නිවාඩු ලබා ගැනිම හේතුවෙන් නිමා වූ නවසීලන්ත තරග සංචාරයට සහ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා සංචාරයට එක් නොවූ ශකිබ් අල් හසාන් මෙම සංචිතයට නම් කර තිබෙනවා.

අයි.පී.එල් තරගාවලියට එක්වූ මුස්ටර්ෆිසුර් රෙහ්මාන් ද බංග්ලාදේශ සංචිතය සදහා නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

දෙරට අතර පැවැත්වෙන පළමු එක්දින තරගය ලබන 23 වනදා මීර්පූර්හී දී පැවැත්වීමට නියමිතයි.

බංග්ලාදේශ සංචිතය :

Tamim Iqbal Khan (C), Liton Kumar Das, Shakib al Hasan, Mushfiqur Rahim, Md Mithun, Mahmudullah, Afif Hossain, Mehidy Hasan Miraz, Md Shaif Uddin, Taskin Ahmed, Mustafizur Rahman, Soumya Sarkar, Mosaddek Hossain Saikat, Mahedi Hasan, Shoriful Islam.

Stand by:

Naim Sheikh, Taijul Islam, Shohidul Islam, Aminul Islam Biplob.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...