T20 ලෝක කුසලානය ගැන අවසන් තීන්දුව ජූනි පළමු වැනිදා

Date:

ඉන්දියාවේ පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එරට දී නොපවත්වන්නේ ද යන්න සම්බන්ධයෙන් එළඹෙන ජූනි පළමු වැනිදා ජගත් ක්‍රිකට් කවුන්සලය තීරණය කිරීමට නියමිතව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, එදින පැවැත්වීමට නියමිත අයි.සී.සී විධායක කමිටු රැස්වීමේ දී යි.

ඒ අනුව මීට පෙර අප වාර්තා කළ පරිදි ලබන 29 වනදා, එනම් අයි.සී.සී රැස්වීමට දින දෙකකට පෙර ඉන්දීය ක්‍රිකට් ආයතනයේ විශේෂ මහා සභා රැස්වීමක් කැදවා තිබීම හුදෙක් අහඹු සිදුවීමක් විය නොහැකියි.

ඉදිරි ක්‍රිකට් තරග වාරය පිළිබද සාකච්ඡා කිරීම සදහා එම විශේෂ මහා සභා රැස්වීම කැදවා ඇති අතර, එහි ප්‍රධාන අරමුණ 20යි 20 ලෝක කුසලානය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම විය හැකි බව මේ වන විට පැහැදිලි වන කරුණක්.

කොවිඩ් 19 වසංගතයේ දෙවැනි රැල්ල හේතුවෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ද අතරමගදී අත්හිටුවිමට ඉන්දියාවට සිදු වූ බැවින් රටවල් 16කගේ සහභාගීත්වයෙන් ඔක්තෝබර් – නොවැම්බර් මාසවලදී පැවැත්වීමට නියමිත 20යි 20 ලෝක කුසලානය එරට දී පැවැත්වීම සම්බන්ධයෙන් ද ඇත්තේ දැඩි අවිනිශ්චිත තත්ත්වයක්.

විශේෂයෙන්ම ඉන්දීය බළධාරීන් ඉදිරි කාලයේ දී කොවිඩ් 19 වසංගතයේ තෙවැනි රැල්ලක් අපේක්ෂාවෙන් පසුවීම හේතුවෙන් 20යි 20 ලෝක කුසලානය ඉන්දියාවේ දී පැවැත්වීම දැඩි අර්බුදකාරී වාතාවරණයක් ගොඩ නගනු ඇති.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් අයි.සී.සී බළධාරීන් ද දැඩි අවධානයෙන් අධීක්ෂණය කරමින් සිටින බව සදහන්.

ඒ අනුව බොහෝ විට ඔක්තෝබර් 18 වනදා ආරම්භ වන 20යි 20 ලෝක කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට කටයුතු කරනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...