“තරුණ ක්‍රීඩකයින්ට ඉන්දු තරගාවලිය හොඳ අත්දැකීමක් වේවි” : ඇමති නාමල්

Date:

ඉන්දීය කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය මෙරට තරුණ ක්‍රීඩකයින්ට ඉතා වැදගත් වනු ඇති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

දෙරට අතර සබදතා ද මෙම සංචාරය හේතුවෙන් තවදුරටත් ශක්තිමත් වනු ඇති බවයි අමාත්‍යවරයා ක්‍රික්බස් වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් සදහන් කළේ.

ඉන්දීය කණ්ඩායම ලබන ජූලි මාසයේ දී මෙරටට පැමිණීමට නියමිතව ඇති අතර, එහිදී දෙරට අතර, එක්දින සහ 20යි 20 තරග 3 බැගින් පැවැත්වීමට නියමිතයි.

“ඉන්දීය කණ්ඩායම සමඟ ක්‍රීඩා කිරීම සැමවිටම හොඳයි.” යනුවෙන් ක්‍රීඩා අමාත්‍යවරයා කියා සිටියා.

“ශ්‍රී ලංකාව සංවර්ධන වැඩපිළිවෙළක් හා තරුණ කණ්ඩායමක් සමඟ යන බැවින් මෙය ඔවුන්ට හොඳ අත්දැකීමක් වේවි. මෙම සංචාරය දෙරට අතර සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කිරීමටත් හේතු වේවි. ප්‍රේක්ෂකයින්ට හොඳ ක්‍රිකට් ක්‍රීඩාවක් විඳීමට හැකි වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.”

තරග සංචාරය ආරම්භ කරමින් ඉන්දීය කණ්ඩායම ජූලි 5 වනදා මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

එක්දින තරග තුන ජූලි 13, 16 සහ 19 යන දිනවලදී පැවැත්වීමට නියමිත අතර, 20යි 20 තරග ජූලි 22, 24 සහ 27 යන දිනවලදී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

කෙසේ වෙතත්, තරගාවලියේ තරග කාලසටහන මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...