ශ්‍රී ලංකාව හෝටලයෙන් නිදහස්

Date:

බංග්ලාදේශ තරග සංචාරයක නිරත ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම අද(19) එරට දී සිය පළමු පුහුණු සැසියට එක් වුණා.

ඒ, බංග්ලදේශයට පැමිණ දින 3ක නිරෝධායන කාලයක් ගත කිරීමෙන් අනතුරුවයි.

නවාතැන් ගෙන සිටින හෝටලයේම සිට ඔවුන් මෙම නිරෝධායන කාලය ගත කළා.

නිරෝධායනය අවසන් කිරීමෙන් පසුව අද දිනයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඩකා නුවර ජාතික ක්‍රිකට් ඇකඩමි ක්‍රීඩාංගනයේ දී පුහුණු සැසියකට එක් වූ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ශ්‍රී ලංකා කණ්ඩායම අනිද්දා(21) දිනයේ දී පුහුණු තරගයකට ද සහභාගී වීමට නියමිතයි.

එම තරගය ශ්‍රී ලංකා සංචිතයේ ම ක්‍රීඩකයින් අතර පැවැත්වෙන බව සදහන්.

දෙරට අතර පැවැත්වෙන පළමු එක්දින තරගය ලබන 23 වනදා ඩකාහි මීර්පූර් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

දෙවැනි තරගය 25 වනදා ද, තෙවැනි තරගය 28 වනදා ද පැවැත්වීමට නියමිතයි.

SLC
SLC
SLC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...