නිළවරණයට මම ඇගිලි ගහන්නේ නැහැ : ක්‍රීඩා ඇමති නාමල්

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළවරණ ක්‍රියාවලියට මැදිහත් වීමට තමා සූදානම් නොමැති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

හෙට (20) පැවැත්වීමට නියමිත ක්‍රිකට් නිළවරණය සම්බන්ධයෙන් ක්‍රික්බස් වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ඒ බව කියා සිටියා.

මතභේදයට තුඩු දුන් මෙම නිළවරණ ක්‍රියාවලියට ක්‍රීඩා අමාත්‍යවරයා මැදිහත් නොවීමත් සමග ක්‍රිකට් නිළවරණයෙන් යළිත් වරක් හිටපු සභාපති ශම්මි සිල්වා මහතාගේ පාර්ශවය හෙට දිනයේ දී ජය ගනු ඇති.

“මම නිළවරණ ක්‍රියාවලියට සම්බන්ධ වෙන්නේ නැහැ. තේරී පත් වන ඕනෑම අයෙකු සමග මම වැඩ කරනවා” යනුවෙන් ක්‍රීඩා අමාත්‍යවරයා සදහන් කළා.

“නිවැරදි පුද්ගලයා තෝරා ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාර්ශවකරුවන් සතු දෙයක්. ක්‍රීඩාවේ දියුණුව සඳහා මම ඔවුන්ට (SLC) දිගුකාලීන සැලැස්මක් ලබා දීල තියෙනවා. ඔවුන්ට ස්වාධීනව වැඩ කළ හැකියි.”

පවතින ගැටලු සහගත තත්ත්වයන් පෙන්වා දෙමින් නිශාන්ත රණතුංග, කේ. මතිවානන් සහ බන්දුල වර්ණපුර යන මහත්වරුන් නිළවරණයෙන් ඉවත්වීමට ඊයේ දිනයේ දී තීරණය කළා.

ඒ අනුව හෙට පැවැත්වෙන අතථ්‍ය නිළවරණයෙන් හිටපු සභාපති ශම්මි සිල්වා මහතා ජයග්‍රහනය කරමින් යළි සභාපති ධූරයට පත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...