ජාත්‍යන්තර ක්‍රීඩකයින් 24 කට කොන්ත්‍රාත් – ජූනි 3 තෙක් අත්සන් කිරීමට අවස්ථාව

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩකයින් 24 දෙනෙකු සදහා කොන්ත්‍රාත් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

A1, A2, A3, B1, B2, B3, C1, C2, C3, D1, D2, D3 යන කාණ්ඩවලට ක්‍රීඩකයින් දෙදෙනා බැගින් ඇතුළත් වන පරිදි මෙම කොන්ත්‍රාත් ලබා දී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඊට අමතරව දේශීය සංවර්ධන සහ වර්ධනාත්මක (domestic development and Incremental) කාණ්ඩ යටතේ ද තවත් ක්‍රීඩකයින් පිරිසකට කොන්ත්‍රාත්තු ලබා දීමට නියමිතයි.

කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කිරීම සදහා ක්‍රීඩකයින්ට ජූනි 3 වනදා තෙක් කාලය ලබා දී ඇති බව සදහන්.

කෙසේ වෙතත්, වැටුප් කප්පාදු කිරීමක් සිදු කර ඇති බැවින් ඇතැම් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් මෙම කොන්ත්‍රාත් ගිවිසුම් සදහා විරෝධය පල කර ඇති බවටයි වාර්තා වුණේ.

    • A1 කාණ්ඩය – ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල (ඩොලර් 100,000)
    • A2 කාණ්ඩය – කුසල් පෙරේරා, ඇන්ජෙලෝ මැතිව්ස් (ඩොලර් 80,000)
    • A3 කාණ්ඩය – කුසල් මෙන්ඩිස්, දිමුත් කරුණාරත්න (ඩොලර් 70,000)
    • B1 කාණ්ඩය – සුරංග ලක්මාල්, දසුන් ශානක (ඩොලර් 65,000)
    • B2 කාණ්ඩය – වනිදු හසරංග, ලසිත් ඇඹුල්දෙණිය (ඩොලර් 60,000)
    • B3 කාණ්ඩය – පැතුම් නිස්සංක, ළහිරු තිරිමාන්න (ඩොලර් 55,000)
    • C1 කාණ්ඩය – දුෂ්මන්ත චමීර, කසුන් රාජිත (ඩොලර් 50,000)
    • C2 කාණ්ඩය – දිනේෂ් චන්දිමාල්, ලක්ෂාන් සදකැන් (ඩොලර් 45,000)
    • C3 කාණ්ඩය – විශ්ව ප්‍රනාන්දු, ඉසුරු උදාන (ඩොලර් 40,000)
    • D1 කාණ්ඩය – ඕෂද ප්‍රනාන්දු, රමේෂ් මෙන්ඩිස් (ඩොලර් 35,000)
    • D2 කාණ්ඩය – ළහිරු කුමාර, ධනුෂ්ක ගුණතිලක (ඩොලර් 30,000)
    • D3 කාණ්ඩය – අශේන් බණ්ඩාර, අකිල ධනංජය (ඩොලර් 25,000)
    • Domestic development contract – ක්‍රීඩකයින් 6 ක් (ඩොලර් 15,000)

ඇන්ජෙලෝ මැතිව්ස්ට මීට පෙර පැවැති කොන්‍ත්‍රාත් ගිවිසුමෙන් ඩොලර් 130,000ක මුදලක් හිමි වූ අතර, ඒ අනුව ඔහුට නව කොන්ත්‍රාත් ගිවිසුමේ දී අහිමි වන මුදල ඩොලර් 50,000ක්.

දිමුත් කරුණාරත්නට ඩොලර් 30,000ක පමණ වැටුප් කප්පාදුවක් ද සුරංග ලක්මාල්ට ඩොලර් 45,000ක පමණ වැටුප් කප්පාදුවක් ද සිදු කර තිබෙනවා.

2020 වසර ආරම්භයේ සිට ජාත්‍යන්තර තරග දෙකක් පමණක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කර ඇති කසුන් රාජිතට ඩොලර් 50,000ක කොන්ත්‍රාත්තුවක් පිරිනමා තිබීම විශේෂත්වයක්.

මෑතකදී පිත්තෙන් සුවිශේෂී දක්ෂතාවයක් පෙන්නුම් කළ ධනුෂ්ක ගුණතිලකට නව කොන්ත්‍රාත් ගිවිසුම් යටතේ හිමිව ඇත්තේ ඩොලර් 30,000 ක් වටිනා කොන්ත්‍රාත්තුවක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...