ආචර් යළි අර්බුදයක – නවසීලන්ත තරගාවලියත් අහිමි වෙයි

Date:

නවසීලන්තය සමග ආරම්භ වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්ර ආචර්ට අහිමි වී තිබෙනවා.

ඒ ඔහුගේ දකුණු වැළමිට ප්‍රදේශයේ ඇතිව තිබෙන ආබාධ තත්ත්වයක් හේතුවෙන්.

එංගලන්ත ප්‍රාන්ත තරගාවලිියේ දී සසෙක්ස් කණ්ඩායම නියෝජනය කරන ඔහු කෙන්ට් කණ්ඩායම සමග පැවැති තරගයේ දී මෙම ආබාධයට ගොදුරු වී ඇති බව සදහන්.

ඒ හේතුවෙන් දෙවැනි ඉනිමේ දී ජොෆ්ර ආචර් යොමු කළේ පන්දුවාර 5ක් පමණයි.

අතෙහි සහ වැළමිටෙහි ආබාධ හේතුවෙන් මීට පෙර ද 26 හැවිරිදි ඔහුට තරග රැසක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වුණා.

ඔහුට මෑතකදී ශල්‍යකර්මයකට ද ලක්වීමට සිදු වූ අතර, වැළමිටෙහි ආබාධය හේතුවෙන් පුනරුත්තාපන කටයුතුවලට ද ජොෆ්ර ආචර් මුහුණ දුන්නා.

[bs-quote quote="“ඔහුගේ වැලමිට ප්‍රදේශය කළමණාකරණය කිරීම සම්බන්ධයෙන් මීළඟ ක්‍රියාමාර්ගය තීරණය කිරීම සඳහා ආචර් මේ සතිය අගදී වෛද්‍ය උපදේශකයෙකු හමුවීමට නියමිතයි ”" style="style-10" align="left" color="" author_name="එංගලන්ත ක්‍රිකට් ආයතනය" author_job="" author_avatar="https://sinhala.hitwicket.lk/wp-content/uploads/2021/05/ecb.jpg" author_link=""][/bs-quote]

ඒ හේතුවෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය මෙන්ම එරට ප්‍රාන්ත තරගාවලියේ පළමු තරග කිහිපය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට අහිමි වුණා.

අනතුරුව කෙන්ට් කණ්ඩායමට එරෙහි තරගයට ඔහු ක්‍රීඩා කරමින් පළමු ඉනිමේ දී කඩුලු 2ක් ද දවා ගත් නමුත්, තරගයේ අවසන් දින දෙක තුළ ඔහු පන්දු යැවීමට කටයුතු කළේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...