ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරග ආරම්භක වේලාව සංශෝදනය කෙරේ

Date:

ශ්‍රී ලංකාව සහ බංග්ලදේශය අතර පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග ආරම්භක වේලාව සංශෝදනය කර ඇති බව බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව තරගාවලියේ සියලු තරග එරට වේලාවෙන් පස්වරු 1ට ආරම්භ කිරීමට නියමිතයි.

මීට පෙර තරගාවලියේ තරග පස්වරු 2.30ට ආරම්භ කිරීමටයි නියමිතව තිබුණේ.

ඒ අනුව ලබන 23 වනදා ආරම්භ වන එක්දින තරගාවලියේ තරග තුනම මෙරට වේලාවට අනුව පස්වරු 12.30ට ආරම්භ කරනු ඇති.

පළමු එක්දින තරගය මැයි 23 වනදා පැවැත්වෙන්නේ ඩකාහි මීර්පූර් ක්‍රීඩාංගනයේ දී යි.

දෙවැනි තරගය 25 වනදා ද, තෙවැනි තරගය 28 වනදා ද පැවැත්වීමට නියමිතයි.

තරගාවලියට එක් වන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ(16) දිනයේ දී බංග්ලාදේශයට ළගා වුණා.

ඔවුන් මේ වන විට දින තුනක කාලයක් නිරෝධායනයට ලක් වෙමින් සිටින අතර, ඉන් අනතුරුව පුහුණුවීම් කටයුතු ආරම්භ කරනු ඇති.

ලබන 21 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම සිය සංචිතයේම ක්‍රීඩකයින් අතර පැවැත්වෙන පුහුණු තරගයකට ද එක්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...