ශ්‍රී ලංකාව පළමු දිනයේ දී ම වැඩ අල්ලයි

Date:

තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියකට සහභාගිවීම සඳහා බංග්ලාදේශය වෙත ළගා වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එරටට පැමිණි පළමු දිනයේදීම සිය ශාරීරික යෝග්‍යතා ව්‍යායාම සඳහා එක්ව තිබෙනවා. ඒ, ඔවුන් රැඳී සිටින හෝටල් පරිශ්‍රයේදීමයි.

කණ්ඩායම නවාතැන් ගෙන සිටින හෝටලයේ කායවර්ධනාගාරයේදී ක්‍රීඩකයින් එම පුහුණුවීම්වල නිරත වූ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

මෙම තරග සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ජෛව ආරක්ෂිත බුබුලක් තුළ රැදී සිටින අතර, පළමු දින තුන තුළ දී ඔවුන් නිරෝධායනයට ද ලක් විය යුතුයි.

අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 21 වනදා සංචිතයේම ක්‍රීඩකයින් අතර පැවැත්වෙන පුහුණු තරගයකට එක් වනු ඇති. දෙරට අතර පැවැත්වෙන පළමු තරගය ලබන 23 වනදා ඩකාහි මීර්පූර් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...